Breaking News

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක එම රෝගියා ඉන්නවද නැද්ද කියන දේ තීරණය කිරීම වැදගත්.. එතනදී රෝගීයාගේ ශරීර යෝග්‍යතාවය වෛද්‍යවරුන විසින් සොයා බලනවා..

මේ විදියට ශල්‍යකර්මය සිදුකරන්න කලින් වෛද්‍යවරුන් විසින් සොයාබලන සෙයක් තමයි රෝගියාගේ මඅඛ සෞඛ්‍යය.ඒ කියන්නේ රෝගියාගේ විශේෂයෙන් දත්වල කුමනහෝ ආසදන තත්වයක් තියෙනවද කියල වෛද්‍යවරුන් විසින් පරික්ෂා කරල බලනවා.

ඉතිං ඇයි මේ විදියට වෛද්‍යවරු දත්ගැන පරික්ෂා කරල බලන්නේ? ඔපරේෂන් එකෙන් පස්සෙම ඕක කරන්න තිබුනනේ කියල අපිට ප්‍රශ්ණයක් ඇති වෙන්න පුළුවන්. ඉතිං දැන් අප කතා කරන්න හදන්නේ ඒකට පිලිතුර..

අවයව බද්ධ කිරීම වගේ පුද්ගලයෙකුගේ ජීවිතය තීරණය කරන ශල්‍යකර්මයකදී මේ විදියට දත් ගැන බලන්න විශේෂ හේතු කිහිපයක් තියෙනවා..

එතනදී සලකා බලන ප්‍රධාන සාධකයක් තමයි අවයව බද්ධ කිරීමෙන් පස්සේ ඇති වෙන්න පුළුවන් විශබීජආසාදන වලක්වන එක. අවයවයක් බද්ද කලායින් පස්සේ එම පුද්ගලයා සිය ජීවිත කාලය පුරාම එයාගේ ප්‍රතිශක්තිය අඩුකරන ඖෂධ ලබාගන්න ඕන.එහෙම කරන්නේ බද්ද කරන අවයවය එයාගේ ශරීරයෙන් ප්‍රතික්ෂේප වීම වලක්වා ගන්න.ඉතින් ඒ නිසා අවයවයක් බද්ද කලායින් පස්සේ ඇතිවෙන දත් ආශ්‍රිත පොඩි ආසාදනයක් පවා විශාල ආසාදනයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා.

ඒ වගේමයි අවයව බද්ධ කිරීමෙන් පසු ගතවන පලමු මාස 6ක වගේ කාලයේදී තමයි එම පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන ඖෂධ උපරිමයෙන් ක්‍රියාත්මක වෙන කාලය. මොකද ඒ කාලයේදී බද්ධ කල අවයවය ප්‍රතික්ශේප වීමට වැඩි ඉඩක් ඇති නිසා වෛද්‍යවරුන් විසින් සුදුසු ඖෂධ යොදාගෙන එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අවශ්‍ය මට්ටමට අඩු කරල ඉතාමත් විමසිලිමත්ව රෝගීයාගැන බලන කාලයක් තමයි මේක. ඉතිං අවයව බද්ධ කිරීම කරන්න කලින් දත්වල ප්‍රශ්නයක් තිබිල ඒ අවස්ථාවේදී ඒකට ප්‍රතිකාර නොකර අවයව බද්ධ කලායින් පස්සේ එන මේ කාලයේදී දත් ප්‍රශ්ණ විසදන්න වුනොත් ඒක අනවශ්‍ය කරදරයක්.

ඉතිං මේ වගේ හේතු නිසා, අවයව බද්ධ කිරීමෙන් පස්සේ සාර්ථකව සාමාන්‍ය ජීවිතයට හුරුවෙන්න , නැතිවෙලා තිබුන සෞඛ්‍ය තත්වය නැවතත් ලබාගන්න උත්සහ කරන කාලයේදී දත් ප්‍රශ්ණයක් කරාගන තමන්ගේ ජීවිතයත් අවදානමේ දානගෙන, වෛද්‍යවරුන්ටත් කරදරයක් වෙනවට වඩා, ශල්‍යකර්මය කරන්න කලින් දත්වල ප්‍රශ්ණ ඉවර කරගන්න එක තමයි හොදම දෙ  වෙන්නේ.

ඉතිං ඒනිසා අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්ම කරන්න කලින් වෛද්‍යවරු කණ්ඩායම විසින් රෝගීයා පරික්ෂා කීරීමේදී අනිවාර්යයෙන් රෝගීයාගේදන්ත සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙනවා.

About freddy

Check Also

මේ දිනවල ව්‍යාප්ත වන චිකන්ගුනන්‍යා ⁣ගැන දැනගනිමු

චිනක්ගුන්‍යා කියන්නේ අපිට අහල පුරුදු ඩෙංගු වගේම මදුරුවන්ගෙන් බෝ වෙන රෝගයක්. ඩෙංගු වලදි වගේම මේ …