වකුගඩු ගල් කියන්නේ මොනාද?
වකගඩු ගල් කියන්නේ අපේම මුත්‍රාවල ඇති රසායනිකයන් නිසා ඇති වන ඝණ ද්‍රව්‍යයකටයි. සාමාන්‍යයෙන් මුත්‍රාවල විවිධාකාරයේ අපද්‍රව්‍යයන් විශාල ප්‍රමාණයක් දියවී පවතිනවා. එවැනි වැඩි අපද්‍රව්‍යයන් ප්‍රමාණයක් අඩු මුත්‍රා ප්‍රමාණයක දියවීම හේතුවෙන් ඒවා කැට බවට පත්වීම සිදුවනවා. මෙම කාට කාලයත් සමග තවත් සංඝටකයන් සමග එක්වීමෙන් ප්‍රමාණයෙන් විශාල වීමත් තවත් ඝණ තත්වයට පත්වීමත් සිදුවනවා.
අප දන්නා ආකාරයට මුත්‍රා නිපදවීම සිදුවන්නේ වකුගඩු වලයි. ඒ නිසාම ඉහත සදහන් කල ආකාරයේ සිදුවීම මගින් ගල් ඇතිවීම වකුගඩුතුල සිදුවෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ නිසාම මෙයින් මිදීමට වැඩි වශයෙන් ජලය පානය කල යුතුයි. එවිට මෙවැනි ගල් ඇති වීමට බලපාන රසායනිකයන් වන කැල්සියම්,ඔක්සලේට්,යූරේට්,සිස්ටීන්,සැන්තීන් හා පොස්පේට් වැනි දේ මුත්‍රාසමග වකුගඩු වලින් ඉවත්වීම සිදුවනවා.
යම් කිසි හේතුවක් මත වකුගඩු ගල් ඇති වූ විට ඇතැම් ගල් වකුගඩුවලම රැදී පවතින අතර බොහෝ අවස්ථවන් වලදී ඒවා මුත්‍රා වාහිනී ඔස්සේ මුත්‍රාශය දක්වා ගමන්කිරීම සිදුවනවා. ඇතැම් ඉත් කුඩු ගල් කිසිදු වේදනාවකින් තොරව මුත්‍රා සමගම ශරීරයෙන් ඉවත්වීම පවා සිදුවිය හැකියි. එසේ ඉවත්ව නොයන ප්‍රමාණයෙන් විශාල ගල් හේතුවෙන් වකුගඩු,මුත්‍රවාහිනී,මුත්‍රාශය,වැනි ස්ථාන වල මුත්‍රා රැස්වීම සිදුවනවා. එවැනි අවස්ථාවන් වේදනාවක් ඇතිවීම සිදුවනවා.
මේ ආකාරයෙන් ගල් ඇතිවීමට ජලය අඩුවෙන් පානය කිරීම,අධික ව්‍යායම හෝ අඩුවෙන් ව්‍යායාම කිරීම,තරබාරුව,බර අඩුකිරීමේ ශල්‍යකර්ම සිදුකිරීම,ලුණු සහ සීනි අධික ආහාර ගැනීම,විවිධ ආසාදන හා පවුල් ඉතිහාසය යන කරුණු වැඩි වශයෙන් බලපාන බවයි පරීක්ෂන වලින් හෙලිවී අැත්තේ.
වැඩිපුරම දක්නට ලැබෙන වකුගඩු ගල් වර්ග මොනවාද?
- කැල්සියම් ඔක්සලේට්:වඩාත් බහුලම වකුගඩු ගල් වර්ගය මෙයයි. කැල්සියම් මුත්‍රාවල ඇති ඔක්සලේට් සමග එක්වීමෙන් මේවා ඇතිවේ.
- යූරික් ඇසිඩ්
- ස්ට්‍රරුවිට්: මෙවැනි ගල් තරමක් දුර්ලබ අතර මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන හේතුවෙන් මේවා ඇතිවේ.
- සිස්ටීන්:මෙවැනි තත්වයනුත් දුලබ අතර පවුල් ඉතිහාසයන් මේ සදහා බලපෑම් ඇති කරයි.
වකුගඩු ගල් ඇතිවීමේ රෝග ලක්ෂණ මොනවාද?
ඇතැම් වකුගඩු ගල් කුඩා වැලි කැට ප්‍රමාණයේ සිට ගොල්ෆ් බෝලයක් දක්වා ප්‍රමාණයෙන් වෙනස් විය හැකියි. වකගුඩු ගලේ ප්‍රමාණය වැඩිවන තරමට රෝග ලක්ෂණ දැකගැනීමේ හැකියාවත් වැඩියි.
රෝග ලක්ෂන පහත පරිදි දක්වන්න පුළුවන්ත
- ශරීරයේ පිටුපස දෙපසට වන්නට අධික වේදනාවක් දැනීම.
- අඩුනොවන උදර වේදනාව
- මුත්‍රා සමග ලේ පිටවීම
- වමනය හා ඔක්කාරය
- උණ හා වෙව්ලීම
- දුර්ගන්ධයකින් යුතු මුත්‍රා පිටවීම හෝ මුත්‍රා අපහැදිලි වීම.
වකුගඩු ගල් හදුනාගැනීම සිදුවන්නේ කොහොමද?
වකුගඩු ගල් හදුනාගැනීම මූලික වශයෙන් සිදුවන්නේ රෝග ඉතිහාසය විමසීම,ශරීරයේ පිටින් සිදුකරන භෞතීය පරික්ෂන හා දර්ශණ වශයෙන් ලබාගන්නා පරීක්ෂන වල සහය ඇතිවයි.මෙම දර්ශණ පරීක්ෂණ ලෙස සාමාන්‍යයෙන් සිදුකරන්නේ CT ස්කෑන් පරීක්ෂණ හා එක්ස් රේ පරීක්ෂණයි. CT ස්කෑන් පරීක්ෂණය යොදා ගන්නේ වකුගඩු ගල හදුනාගැනීමේ ක්‍රියාවලියේදීයි. එක්ස්රේ පරීක්ෂණයනම් හදුනාගැනීමේ ක්‍රියාවලියේදී මෙන්ම ප්‍රතිකාර වලින් පසුව එහි සාර්ථක්තවය සොයා බැලීමටත් යොදා ගන්නවා.
දෙවනුව වෛද්‍යවරුන් විසින් ඔබගේ තත්වයට ප්‍රතිකාර කලයුතු ආකාරය තීරණය කරනවා. එහිදී ඔබගේ වකුගඩුවල තත්වය රුධිර පරීක්ෂණ මගින් මැන බැලෙන අතර ඔබගේ සම්පූර්ණ ශරීර සෞඛ්‍යයත්,වකුගඩුව තුල ගල පිහිටා ඇති ස්ථානයත් එහි ප්‍රමාණයත් මෙහිදී වෛද්‍යවරුන් සැලකිල්ලට ලක් කරනවා.
ඉන්පසුව ඔබගේ ශරීරයෙන් ගල ඉවත්වූ පසු එසේ ගල් ඇතිවීමට හේතුව වෛද්‍යවරුන් විසින් සොයාබලනවා. එහිදී ඔබේ ශරීරයේ ඇති කැල්සියම්,පොස්පරස් හා යූරික් අම්ල ප්‍රමාණය වෛදයවරුන් විසින් සෙයාබලන අතර ඇතැම් විට ඔබගේ පැය 24ක මුත්‍රා එකතුකර කැල්සියම් හා යූරික් අම්ල්ය සදහා පරීක්ෂණ වෙත යොමු කරනවා.
මෙවැනි වකුගඩු ගල් වල සංයුතිය පරික්ෂා කිරීම වැදගත් වන්නේ ඇයි?
අප ඉහතද සදහන් කල ආකාරයට වකුගඩු ගල් ඇතිවීමට බලපාන ප්‍රධාන සංඝයකයන් 4ක් තිබෙනවා. ඔබ ඇතිවූ තත්වයෙහි සංයුතිය තීරණය කිරීම මගින් මින් ඉදිරියට එවැනි තත්වයන් ඇතිවීමේ ප්‍රවණාවය අඩු කරගැනීමට අවශය පියවර ගත හැකියි.
මූලාශ්‍රය – https://www.kidney.org