දැන ගන්න ලැබුණු විදියට, මේ වෙනකොට ලංකාවේ Hand Sanitizer හොයා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ගෙදර ඉන්නවා නම්, අත් පිරිසිදු කර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි සබන් / Liquid Handwash සහ වතුර. නමුත් පොදු ප්‍රවාහන සහ පොදු ස්ථාන වල මේක කරන්න අමාරුයි. ඒ වෙලාවට Hand Sanitizer සැහෙන්න වටිනවා. Liquid Hand Sanitizer …
Read More »කොරෝනා හේතුවෙන් ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයටපත් කෙරේ – WHO
චීනය තුල පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. චීනය තුල මේ වන විට ඇතිව තිබෙන තත්වය මත නොව දුර්වල සෞඛ්‍ය සේවයක් ඇති රටවල් වල වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් හදිසි තත්වය ප්‍රකාශයට පත් කල බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් …
Read More »කොරෝනා වෛරසය : මරණ සංඛ්‍යාව 106 දක්වා ඉහලට
මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය ගණන 106ක් දක්වා වැඩිවී ඇති අතර අලුත් රෝගීන් 1771ක් හදුනාගෙන ඇත. ඒ හේතුවෙන් මේ වන විට වෛරසය ආසාදනය වී ඇති මුලු රෝගීන් ගණන 4515 කි.
Read More »ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වැඩිවීමක්
ඉන්ෆ්ලුවන්සා වෛරස ආසාදනය වූ රෝගීන්ගේ වැඩි වීමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ පිළිබඳව ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් විශේෂ අවධානය යොමු කළ යුතු බව …
Read More »කොළඹ නගරයේ දූලි අංශු ප්‍රමාණය නැවතත් ඉහළට
කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් අද සහ හෙට දිනයන් වල අපේක්ෂාකරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන්කරයි. වායුගෝලීය දූෂණ දර්ශකය මේ වනවිට 107ක අගයක් පෙන්නුම් කරන අතර මේ තත්වය හෙට දිනයේ ද පවතිනු ඇතැයි ඒ මහතා සඳහන් කරයි
Read More »ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම රාත්‍රී කාලයේ දීත්
කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් 10ක් තුළ සිදු කෙරෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය රාත්‍රී කාලයේදීත් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. මෙම වැඩපිළිවෙල සැප්තැම්බර් …
Read More »ගම්පහ රෝහලේ ශල්‍යාගාර අක්‍රීයයි.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය නැවතත් වරක් අක්‍රීය වීම හේතුවෙන් රෝහලේ ක්‍රියාත්මක ශල්‍යාගාර 6ම අක්‍රීය කිරීමට රෝහල් පාලනයට ඊයේ (07) සිදුවිය. ඒ හේතුවෙන් ඊයේ දිනයට නියමිතව තිබූ ශල්‍යකර්ම 30ක් පමණ නවතා දමන ලදී. රෝහල සතුව පවතින්නේ ඉතා පරණ වායු සමීකරණ පද්ධියක් බැවින් මින් පෙරද මෙලෙස වායු සමීකරණ …
Read More »අපේක්ෂා රෝහලට යන්ත්‍ර දෙකක් මිලදී ගැනීමට අවබෝධතා ගිවිසුවකට අත්සන් තැබේ
මහරගම අපේක්ෂා රෝහලට පිළිකා සඳහා ප්‍රතිකාර කෙරෙන යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ‘ෆයිට් කැන්සර් සමාගම’ අතර අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුවේය. සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම ගිවිසුමට අත්සන් තැබූ අතර ‘ෆයිට් කැන්සර් සමාගම’ වෙනුවෙන් එහි …
Read More »පසුගිය වසරේ වකුගඩු බද්ධ කිරීම් 69න් 54ක්ම මොලය මිය ගිය අයගෙන් ගත් වකුගඩු
පසුගිය වසරේ නව වකුගඩු රෝගීන් 3000කට අධික ප්‍රමාණයක් වාර්තා වූවත් වකුගඩු බද්ධ කිරීම් සිදුකර ඇත්තේ රෝගීන් 69දෙනෙකුගේ පමණක් බවත් ඉන් ශල්‍යකර්ම 54ක්ම සිදුකර ඇත්තේ මොළය මිය ගිය රෝගීන්ගෙන් ලබාගත් වකුගඩු වලින් බවත් වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා පවසයි. මොළය මියගිය රෝගීයෙකුගෙව්වකුගඩු රෝගීන් දෙදෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූවත් රෝගීයාගේ …
Read More »පසුගිය වසරේ අළුත් වකුගඩු රෝගීන් 3276ක්,වැඩිම කොළඹ හා ගම්පහ
පසුගිය වසරේදී පමණක් රෝගීන් 3276ක් අළුතින් වකුගඩු සායන වෙත පැමිණ ඇති බවත් ඉන් වැඩිම පිරිසක් වාර්ථා වන්නේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්ගෙන් බවත් වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි ඒ.හේවගේ මහතා පවසයි. දියවැඩියාව,අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි හදුනාගත් හේතූන් මත වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බවත් …
Read More »