ගම්පහ රෝහලේ ශල්‍යාගාර අක්‍රීයයි.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය නැවතත් වරක් අක්‍රීය වීම
හේතුවෙන් රෝහලේ ක්‍රියාත්මක ශල්‍යාගාර 6ම අක්‍රීය කිරීමට රෝහල් පාලනයට ඊයේ (07) සිදුවිය. ඒ හේතුවෙන් ඊයේ දිනයට නියමිතව තිබූ ශල්‍යකර්ම 30ක් පමණ නවතා දමන ලදී.

රෝහල සතුව පවතින්නේ ඉතා පරණ වායු සමීකරණ පද්ධියක් බැවින් මින් පෙරද මෙලෙස වායු සමීකරණ පද්ධතිය අක්‍රීය වීම හේතුවෙන් ශල්‍යකර්ම නවතා දැමූ අතර සාමාන්‍ය වායුසමීකරණ යන්ත්‍ර භාවිතා කරමින් ශල්‍යකර්ම කිරීම සිදුකර තිබේ. නමුත් රෝහල් කාර්යමණ්ඩලය පවසන්නේ සාමාන්‍ය වායුසමීකරණ භාවිතයෙන් ශල්‍යකර්ම සිදුකිරීම මගින් අාසාධිත තත්වයන් ඇති විය හැකි බවයි.

මෙම ගැටළුවට අදාල බලධාරීන් විසින් පැලැස්තර විසදුම් පමණක් ලබාදෙන රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවේ නිලධාරීන් චෝදනා කරයි.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …