වයස් භේදයකින් තොරව කිරි ආශ්රිත නිශ්පාදන ඒ කියන්නේ කිරි.චීස් වර්ග,යෝගට්,පුඩින් වර්ග, අයිස් ක්‍රීම් වර්ග වැනි දේවල් අපි කවුරුත් ආහාරයට ගන්නා කැමැත්තක් දක්වන දේවල්. මෙම කිරි ආශ්රිත නිශ්පාදන සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ,විටමින් බී,කැල්සියම්,පොස්පරස් සහ පොටෑසියම් යන සංඝටක වලින් පරිපූර්ණයි. ඒ වාගේම ඒ සෑම සංඝටකයක්ම අපගේ සිරුරේ ක්‍රියාතාරිත්වය සදහා ඉතාමත් වැදගත් වනවා. අපි …
Read More »වකුගඩු රෝග ඇති විට විටමින් හා ඛනිජ ලවණ ලබාගැනීම හිතකරද?
විටමින් හා ඛනිජලවණ යනු මොනවාද? ශරීරයේ යම්කිසි විශේෂිත කාර්යයන් රැසක් සිදුකිරීම සදහා විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා.අපගන්නා ආාහර වල පෝෂපදාර්තයන් ශරීරයට අවශෝෂණය කරගැනීමට,ශක්තිය නිපදවීමට,ශරීරයේ කොටස් වර්ධනයට,මෙනම ජීවයේ පැවැත්ම සදහාත් විටමින් හා ඛනිජ අපට වැදගත් වනවා. සෑම පුද්ගලයෙකු සදහාම මෙම විටමින් හා ඛනිජ අත්‍යවාශ්‍ය වන අතර විශේෂයෙන් ඔබ වකුගඩු රෝගයකින් …
Read More »මාළිගාවත්ත වකුගඩු රෝහලට නව වාට්ටුවක්
මාළිගාවත්ත වකුගඩු රෝහල වෙත නව වාට්ටුවක් ලබාදෙන බවට නිදන්ගත වකුගඩු රෝග වළක්වා ගැනීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රකාශකොට තිබෙනවා. එහි අධ්‍යක්ෂක අසේල ඉද්දවෙල මහතා සදහන් කලේ ඇදවල් 30කින් සමන්විත වන බවයි. එක් ඇදක වටිනාකම ලක්ෂ 3ක් පමණ වන අතර එම ඇදවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කල ඉල්ලීමකට අනුව …
Read More »ප්ලාස්මා පෙරීම කියන්නේ මොකක්ද?
ඔබ වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛණයේ සිටින විටදී හෝ වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඔබගේ ප්‍රතිදේහ සම්බන්දයෙන් ගැටළුවක් ඇතිවූ විට ඔබගේ වෛද්‍යවරුන් විසින් ප්ලාස්මාව පෙරීමය කියන ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කරතිබෙනවා වන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවන් වල මෙම ප්රතිදේහයන් අපි නොසිතන ප්‍රථිඵල අප වෙත ලබා දෙන්නට පුළුවන්.උදාහරණයක් වශයෙන් වකුගඩු බද්ධ කිරීමේ මූළික පරීක්ෂණයක් …
Read More »අවයව දන්දීමේ කථාව
අවයව දන්දීම ලෙස හදුන්වන්නේ ජීවිත්ව සිටින නිරෝගී පුද්ගලයෙකුගේ අවයවයක් ඔහුගේ හෝ ඇයගේ කැමත්ත ඇතිව තම ශරීරයෙන් ඉවත් කර එම අවයවය අවශ්‍ය රෝගී පුද්ගලයෙකු වෙත ලබා දීමයි. එලෙසම මියගිය හෝ මොලය මිය ගිය පුද්ගලයෙකුගේ අවයව එම පුද්ගලයාගේ ඥාතීන්ගේ කැමැත්ත ඇතිව වෙනත් රෝගී පුද්ගලයෙකු වෙත දන්දීමත් අවයව දන්දීමට අයත්. මෙම ක්‍රියාවලීන් දෙකම …
Read More »අධික මධ්‍යසාර භාවිතයෙන් වකුගඩු වල ක්‍රියාකාරීත්වය ක්ෂණිකව නතර විය හැකියි.
මධ්‍යසාර කියන්නේ අපේ ශරීරයේ සෑම කොටසකටම පාහේ අහිතකර ලෙස බලපාන දෙයක්. විටින් විට සුළු ප්‍රමාණයෙන් මධ්‍යසාර ලබාගැනීම විශේෂ අහිතකර බලපෑම් අතිකරේ නැතිවුනත් විශාල ප්‍රමාණයෙන් මධ්‍යසාර ලබාගැනීම අහිතකර බව අප මතක තබාගත යුතුයි. ඒ නිසාම මධ්‍යසාර අපගේ වකුගඩු වලටත් අහිතකර බලපෑමක් ඇති කරනවා. මධ්‍යසාර , වකුගඩු වලට අහිතකර බලපෑම් ඇති කරනනේ …
Read More »ගෞරවනීය වකුගඩු දායකයෙකු වී මේ ප්රතිලාභ අත්විදින්න ඔබත් කැමතිද??
සාමාන්‍යෙයන් ඕනෑම පුද්ගලයෙකු වකුගඩු දෙකක් සහිතව තමයි උපතලබන්නේ. නමුත් එක් වකුගඩුවක් ඇතිව පමණක් උඵත ලැබූ පුද්ගලයින් සිටිනවා වගේම සාමාන්‍ය ජීවිතයක් ගතකිරීමට එක් වකුගඩුවක් පමණක් ප්‍රමාණවත්. ඒ නිසාම තමයි වකුගඩු බද්ධ කිරීඹ මේ තරම් සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස ලොවපුරා ප්‍රචලිත වී තියෙන්නේ. සාමාන්‍යෙයන් රෝගී පුද්ගලයෙකුට වකුගඩුවක් අවශ්‍ය වූවිට ඔහුගේ හෝ ඇයගේ ලේ …
Read More »වකුගඩු බද්ධ කිරීමෙන් පසු ලබාදෙන ඖෂධ ගැන දැනගනිමු.
වකුගඩුව අපගේ ශරීරයට බද්ධ කිරීමෙන් පසු අපගේ ප්‍රතිශක්තිකරණය අඩු කිරීමට ඖෂධ ලබා දෙනවා. එම ඖෂධ මගින් කරන්නේ බද්ධ කල නව වකුගඩුව ශරීරය විසින් ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීමයි. එම ඖෂධ ලබාදීමට හේතුව,මාත්‍රාවන් හා අතුරු ප්‍රථිඵල පිලිබදව අවධානය යොමු කරමු. ටැක්රොලිමස් (Tacrolimus) ටැක්රොලිමස් ලබානොගත යුතු අවස්ථාවන් – – ටැක්රොලිමස් ඖෂධයේ අන්තර්ගතයක් වන එඩරු …
Read More »වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවන ආකාරය දැනගනිමු.
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයේදී වකුගඩු දායකයාගේ හා වකුගඩු ග්රාහකයාගේ වශයෙන් ශල්‍යකර්මයන් දෙකක් සිදුවනවා. එයින් වකුගඩු දායකයාගේ වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය සැලකීමේදී එය සිදුකරන ආකාරයන් දෙකක් මේවන විට භාවිතයේ පවතිනවා. ලැපරොස්කොපි ශල්‍යකර්මය විවෘත ශල්‍යකර්මය ලැපරොස්කොපික් ශල්‍යකර්මය ලැපරොස්කොප් යන වචනය නිර්මාණය වී ඇත්තේ “Lapara” හා “Skopein,” යන ග්‍රීක වචන දෙක එක්වීමෙන්.“Lapara” යන්නේහි …
Read More »ජාත්‍යන්තර වකුගඩු දින පුවත රාජ්‍ය මාධ්‍යයට වැදගත් නොවුනේ එහි දේශපාලකයෙකු නොසිටි නිසාද ?
රාජ්‍ය මාධ්‍ය වලට ප්රවෘත්ති තීන්දු වන්නේ ඒ ඒ වැඩ සටහන් වල සිටින දේශපාලකයන් අනුවය. තමන්ගේ මැති ඇමතිවරයා ගේ පුවත කෙසේ හෝ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පළ කරවා ගැනිමට ඔවුන්ගේ මාධ්‍ය ලේකම්ලාද දවස පුරා වෙහෙසෙති. මෙහි ප්‍රථිපලය වන්නේ විනාඩි 20 ක පුවත් විකාශ කාල සිමාව දේශපාලකයන්ගේ කථා මතින්ම හමාර විමය. ඒ හැරෙන්නට …
Read More »