කෙටිකාලීන වකුගඩු අකරණිය හෙවත් acute kidney injury ගැන දැනගනිමු.

කෙටිකාලීන වකුගඩු අකරණිය (acute kidney injury) කියන්නේ මොකක්ද?

කිසියම් හේතුවක් මත එක්වරම වකුගඩුවල ක්‍රියාකාරීත්වය නතරවීම හෝ වකුගඩු වලට හානි සිදුවීම තාවකාලික වකුගඩු අකරණය හෙවත් Acute kidney injury (AKI) ලෙස හැදින්වේ. මෙම තත්වය පැය කිහිපයක් ඇතුලත හෝ දින කිහිපයක් ඇතුලත සිදුවිය හැකිය.
මෙවැනි තත්වයක් ඇතිවූ විට වකුගඩු වලසාමාන්‍ය ක්‍රියාකාරීත්වය ඇණහිටින අතර එවැනි අවස්ථාවන් වලදී ශරීරයේ විවිධ අවයවයන්ටද එමගින් බලපෑම් ඇතිවිය හැක.මෙවැනි තත්වයන් සාමාන්‍යයෙන් වයස්ගත පුද්ගලයන්ගේ , රෝහල්ගතවී හෝ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඇතිවීමේ අවස්ථාවන් වැඩිය.

තාවකාලික වකුගඩු අකරණියේ රෝග ලක්ෂන මොනවාද ?

  • පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතාමත් අඩුවීම.
  • විලුඹ,ඇස් වැනි ස්ථාන වල ඉදිමීම් ඇතිවීම.
  • මහන්සිය
  • හුස්මගැනීමේ අපහසුතාවයන් ඇතිවීම
  • මනස නිරවුල් නොවීම
  • ඔක්කාරය
  • පපුවේ කැක්කුම හෝ අපහසුතාවයන් දැනීම
  • දරුණු තත්වයන්හිදී කොමා තත්වය පවා ඇතිවිය හැක.

නමුත් ඇතැම් පුද්ගලයන්ගේ මෙවැනි කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර ඔවුන්ට තාවකාලික වකුගඩු අකරණි තත්වයක් ඇතිවී ඇත්ද නැත්ද යන්න දිනගැනීම සදහා පරීක්ෂණ සිදුකල යුතුම වේ.

තාවකාලික වකුගඩු අකරණය ඇතිවීමට හේතු ?

මෙම තත්වය ඇතිවීඹම සදහා විවිධ හේතූන් බලපා හැකිය.

  1. රුධිර සැපයුම අඩුවීම – විවිද හේතූන් හෝ රෝගී තත්වයන් නිසා වකුගඩුවලට ලැබෙන රුධිර ප්‍රමාණය අඩිවය හැකිය. එවැනි හේතූන් වන්නේ
    • රුධිර පීඩනය අඩුවීම හෝ කම්පන තත්වයක් ඇතිවීම
    • රුධිරය හෝ තරල වර්ගයන් විශාල පරිමාවන්ගෙන් ශරීරයෙන් ඉවත්වීම (අධික රුධිර වහනය, බරපතල පාචන තත්වයන්)
    • හෘදයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන හෘද රෝග තත්වයන් (හෘදයාබාධ)
    • හදවත ,අක්මාව වැනි ඉන්ද්‍රීයයන්ගේ ක්‍රියාකාරීත්වය නතරවීම.
    • NSAIDs වර්ගයේ ඖෂධ වැඩි වශයෙන් ලබාගැනීම ( බ්රූෆන්,නැප්‍රොක්සන්, වැනි ඖෂධ)
    • බරපතල ආසාත්මික තත්වයන්
    • පිළිස්සුම් අැතිවීම
    • බරපතල ශල්‍යකර්මයන්
  2. වකුගඩු වෙත සෘජුවම ඇතිවන ආබාධ
    • බරපතල ආසාදන තත්වයන්
    • රුධිර නාල වල ඇතිවන ප්‍රදාමය තත්වයන් (මෙය ඉතාමත් විරල තත්වයකි)
    • ඇතැම් ඖෂධ සදහා ඇතිවන ආසාත්මිකතාවයන්
    • අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්ගේ සම්බන්ධක පටකයන්ට හානිකර රෝගී තත්වයන් –  “scleroderma”
    • වකුගඩුවල වල පෙරීමේ ක්‍රියාවලියට දායක වල නාල හෝ කුඩු රුධිරනාල වලට බලපෑම් ඇතිකරන ප්‍රදාහමය තත්වයන්.
  3. මුත්‍රා මාර්ගයේ ඇතිවන අවහිරතාවයන්
    • මුත්‍රාශයේ,පුරස්ථග්‍රන්ථියේ හෝ ගැබ්ගෙලෙහි ඇතිවන පිළිකා තත්වයන්
    • පුර්ස්ථග්‍රන්ථිය ඉදිමීම
    • මුත්‍රාශයට හෝ මුත්‍රා පිටකිරීම සදහා අවශ්‍ය සංඥාවන් රැගෙන එන ස්නායු වල ඇතිවන ගැටළු
    • වකුගඩුවල ගල් ඇතිවීම
    • මුත්‍රා මාර්ගයේ ඇතිවන රුධිර කැටි

තාවකාලික වකුගඩු අකරණිය හදුනාගැනීම සදහා සිදුකරන පරීක්ෂණ මොනවාද?

ඔබට තාවකාලික වකුගඩු අකරණි තත්වයක් ඇතිවී ඇති බවට ඔබගේ වෛද්‍යවරයා සැක කරන අවස්ථාවකදී ඔහු හෝ ඇය ඔබට මෙම තත්වය ඇතිවීමට බලපෑ හැකි යැයි විශ්වාස කෙරෙන පරාසයේ පරීක්ෂණ සිදුකිරීමට නිර්දේශ කරනු ඇත. කෙසේ හෝ මෙම තත්වය ඇති වූ විට හැකි ඉක්මණින් මෙම තත්වය හදුනාගැනීම සිදුකිරීම ඉතාමත් වැදගත් වේ. යම්කිසි හේතුවක් මත මෙම තත්වය හදුනාගැනීමට නොහැකිවූයේ නම් එය දීර්ඝකාලීන වකුගඩු අකරණි තත්වයක් දක්වා හෝ වකුගඩු ක්‍රියාවිරහිත වීමක් දක්වා වර්ධනය විය හැක. ඇතැම් අවස්ථාවන් වලදී මෙම තත්වය හෘද රෝගී තත්වයන් ඇතිවීමට හෝ මරණයටත් හේතු විය හැක.

මෙම තාවකාලික වකුගඩු අකරණි තත්වය හදුනාගැනී සදහා සිදුකරන පරීක්ෂණ පහත ලෙසය.

  • මුත්‍රා පිටවන ප්‍රමාණය මැනීම.
  • මුත්‍රා පරීක්ෂණය
  • රුධිර පරීක්ෂණ – මෙහිදී ක්‍රියටිනයින් , යූරියා නයිට්‍රජන් පොස්පරස් හා පොටෑසියම් ප්‍රමාණය, වැනි පරීක්ෂණ සිදුකරනු ලබයි.
  • GFR පරීක්ෂණය
  • විවිධ ස්කෑන් වර්ග
  • බයොප්සි පරීක්ෂණය

තාවකාලික වකුගඩු අකරණිය සදහා ප්‍රතිකාර සිදුවන්නේ කෙසේද? 

මෙම තත්වය ඇතිවූ විට ඔබ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතුයි. ඔබ රෝහල තුල ගතකරන කාලය තීරණය වන්නේ ඔබට මෙම තත්වය ඇතිවීමට හේතුවූ කරණ හා ඔබගේ වකුගඩු නැවතත් යථා තත්වයට පත්වන වේගයත් සමගය.

ඔබගේ රෝගී තත්වය බරපතල අවස්ථාවක් පවතිනවානම් වෛද්‍යවරුන් විසින් ඔබය ඩයයිසිස් ප්‍රතිකාරය සදහා යොමු කරනු ඇත. මෙවැනි අවස්ථාවක ප්‍රතිකාර කිරීමේදී මූලික අරමුණ වන්නේ මෙම තත්වය ඇතිවීමට බලපෑ හේතූව සදහා ප්‍රතිකාර කිරීමයි. ඒ අතරම ඔබගේ රෝග ලක්ෂණ වලටත්,ඔබගේ වකුගඩුවේ තත්වයටත් ප්‍රතිකාර සිදුකරනු ඇත.

යම් අවස්ථාවක ඔබට තාවකාලික වකුගඩු අකරණි තත්වයක් ඇතිවුණිනම් එයින් පසුව වෙනත් වකුගඩු ආශ්‍රිත රෝග, හෘද රෝග වැනි වෙනත් රෝගාබාධයන් ඇතිවීමේ හැකියාව ඉහළ යයි. එලෙසම ඉදිරියේදී තවත් අවස්ථාවන් වලදී තාවකාලික වකුගඩු අකරණි තත්වයන් ඇතිවීමේ හැකියාවද ඉහළ යයි. විටින් විට තාවකාලික වකුගඩු අකරණි තත්වයන් ඇතිවන්නේ නම් වකුගඩු සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත වීම වැනි තත්වයන් ඇතිවීමේ හැකියාව ඉහළ යයි.එම නිසා තාවකාලික වකුගඩු අකරණිතත්වයන් ඇතිවීම වළක්වාගැනීම සදහා කටයුතු කිරීම සිදුකල යුතුමයි.

 

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …