ප්‍රතිශක්තිකරණ එන්නත් සායන මේ මස අවසානයේ ආරම්භ කිරීමට තීරණයක්

දරුවන් සදහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ සායන මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව පවුල් සෞඛ්‍ය කාර්යංශය පවසයි. එමෙන්ම ත්‍රීපෝෂ බෙදාදීමේ වැඩසටහන්ද නැවතත් සක්‍රීය කිරීමට සැළසුම් කර ඇති බවද එහි අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රා මාලි ද සිල්වා මහත්මිය පවසයි.

කෙසේ වෙතත් ගර්භනී මව්වරුන්ගේ සායන සීමා කර ඇති අතර ගර්භනී මව්වරුන්ට ප්‍රසව වේදනා ඇති වුවහොත් කඩිනමින් රෝහල් කරා යාමට තම සායනික අත්පොත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව ද වෛද්‍ය චිත්‍රා මාලි ද සිල්වා මහත්මිය සදහන් කරයි.

About freddy

Check Also

රුධිර කාන්දුපෙරණයට අවශ්‍ය AVF Needle රෝහල් වල නැ : රෝගීන් දැඩි අපහසුතාවයක..

වකුගඩු කාන්දු පෙරණයට අවශ්‍ය ‘AVF needle’ (එන්නත් කටු) රජයේ සහ පෞද්ගලික රෝහල්වල ද නොමැතිවීමෙන් වකුගඩු …