වකුගඩු රෝගයෙන් පසු රැකියාව ගැටළුවක්ද?

දීර්ඝකාලීන වකුගඩු අකරණිය හෝ වකුගඩු පූර්ණ වශයෙන් අකර්මන්‍ය වූ විට මින් පෙර ඔබගේ සාමාන්‍ය ජීවන රටාවේ අංගයන් වශයෙන් පැවැති රැකියාව,නිවසේ එදිනෙදා වැඩකිරීම,දරුවන් බලාගැනීම වැනි කටයුතු කෙරෙයි සිදුකරන බලපෑම හා ඒවා කළමනාකරණය කරගත හැකි ආකාරය පිළිබදව කථා කිරීමට අද අපි සූදානම් වනවා.
මෙම ලිපිය මගින් ඔබට දෛනික වැඩකටයුතු සැලසුම් කිරීමේදී ඇතිවිය හැකි ගැටළු සම්බන්දයෙන් විසදුමක් සොයාගැනීමට උදව්වක් වන්නට අප බලාපොරොත්තු වනවා.

වකුගඩු අක්‍රීය වෙන්න කලින් මම ජොබ් එකක් කරා. දැන් මං මොකද කරන්නේ?

සමහර පුද්ගලයන් ඩයලයිසිස් හෝ වකුගඩු බද්ධ කල විට නැවතත් තමන් පෙර කල සුපුරුදු රැකියාවට යෑමටඅවශ්‍ය  ව පවසනවා. ඔවුන් පවසන්නේ එමගින් තමන්ට පෙර පවරති ජීවන තත්වය පවත්වා ගන්න පුළුවන් කියලා. ඒ අය හිතනවා වාගේම රැකියාව යෑමේ ගැටළුවක් ඇති වන්නේ නැහැ. අප පුද්ගලිකව හදුනන බොහෝ දෙදෙනක් රුකියා කන ගමන් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගන්නට රෝහල වෙත පැමිණෙනවා.

නමුත් වකුගඩු බද්ධ කිරීමෙන් පසු රැකියාවට යාමේදීනම් ටිකක් කල්පනාකාරී වන්නට වෙනවා.

ප්‍රතිකාරත් එක්ක මම කොහොමද වැඩට යන්නේ?

ඩයලයිසිස් ප්‍රතිකාර කිරීමේදී රැකියාවට යෑමේ ගැටළුක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් සතියට දවස් 2ක් ඩයලයිසිස් ප්‍රතිකාරය සදහා යොමුවිය යුතු බැවින් ඔබ රැකියාව කරන වේලාවල් ඔබගේ ප්‍රතිකාර වලට ගැලපෙන පරිදි සකස් කරගත යුතුයි. ඒ සදහා ඔබගේ රැකියා ස්ථානයේ ප්‍රධානියාගේ සහය ඔබට අනිවාර්යයෙන්ම අවශයයි.

ඒ වාගේම ඔබගේ රාජකාරිය බර වැඩි හා සම්බන්දනම් එවැනි රැකියාවලින්නම් ඔබට ඉවත් වී සිටීමට සිදුවේවි. මේ හැමදේම ඔබගේ රැකියා ස්ථානයේ ප්‍රධානියා සමග සාකච්ඡා කර සූදානම් කර ගැනීමට ඔබට හැකියි.

වකුගඩු බද්ධ කිරීමෙන් පසු වෛද්‍යවරුන් ඔබට නිර්දේශ කරන තෙක් රැකියාවට යෑමෙන් වැලකී සිටීම ඔබගේ සෞඛ්‍යට වඩාත් යෝග්‍යයි. එහිදී විශේෂයෙන් විවිධාකාරයේ ආසාදන ඇතිවීමේ ඇති හැකියාවෙන් ඔබ වැලකිය යුතුයි. ඒ සදහා මුඛ ආවාරණ පැලදීම,ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී සැලකිමිත් වීම,ආහාර ගැන සැලකිලිමත් වීම වැනි කාර්යයන් ඔබ විසින් සිදුකල යුතුයි.

මට ජොබ් එකක් කරන්න පුළුවන් වෙයිද?

ඔබ රැකියාවට ගියත් නැතත් ඔබ මූළිකත්වය දිය යුත්තේ ඔබගේ සෞඛ්‍යටයි. එම නිසා ඔබ නැවතත් රැකියාවට යාමට පෙර හෝ ඔබ රැකියාවක් ආරම්භ කිරීමට තීරණය කරන්නේ නම් ඉන් පෙර ඔබගේ ශාරීරික සෞඛ්‍ය මෙන්ම ඔබගේ මානසික තත්වයත් රැකියාවක් කිරීම සදහා සුදුසු වන ආකාරයට සකස් කර ගන්නට අවශ්‍යයි. එමනිසා

  • යහපත් ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගැනීම
  • ඔබගේ පිටත පෙනුම ප්‍රසන්නව පවත්වා ගැනීම
  • ඔබගේ මිතුරන් පවුලේ සාමාජිකයන් සමග සතුටින් කාලය ගත කිරීම
  • ජීවිතය ගැන බලාපොරොත්තු අත් නොහැර ධනාත්මක වීම වැනි දේ මගින් ඔබගේ මානසික මට්ටම යහපත් ආකාරයට පවත්වා ගන්නට ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්.

වකුගඩු අක්‍රීය වීම හෝ වකුගඩු බද්ධ කිරීම හෝ ඔබව රැකියාවක් කර නොහැකි තත්වයට පත් කරන්නේ නැහැ. ඔබ කල යුත්තේ ඔබගේ රැකියාව ඔබගේ සෞඛ්‍ය තත්වයට ගැලපෙන ලෙස සකස් කර ගැනීම පමණයි.

රැකියාවක් නොකරපු කෙනෙකුට රැකියා අවස්ථා මොනවාද?

වකුගඩු රෝගී වීමට පෙර හෝ වකුගඩු බද්ධයට පෙර ඔබ රැකියාවක් කරේ නැතිනම් ඉන්පසු ඇති වන ආර්ථික ප්‍රශ්ණත් සමග රැකියාවක්කිරී මේ අවශ්‍යතාවයක් ඇතිවනවානම් ඔබට රැකියාවක් සිදුකිරීමේ ගැටළුවක් නැහැ. ඔබගේ අධ්‍යාපනික සුදුසුකම් වලට ගැලපෙන ආකාරයට  රැකියාවක් සදහා ඔබට ඉල්ලුම් කලහැකි.

ඔබගේ රැකියා තත්වය සදහා ඔබගේ රෝගී තත්වයෙන් බලපෑමක් ඇති කරන්නේ නම් ඔබ සම්මුඛපරීක්ෂණ සදහා ඉදිරිපත් වන විට ඔබගේ රෝගි තත්වය සම්බන්දයෙන් ඔවුන් දැනුවත් කරන්න.

නිවසේ සිට ඔබ රැකියාවක් කරන්නට බලාපොරොත්තු වන්නේ නම් ඔබට ගැලපෙන ආකාරයේ ස්වයං රැකියාවක් හෝ online jobs සම්බන්දයෙන් ඔබට අවදානය යොමු කරන්නට පුළුවන්.
( online jobs කිරීමෙදි සැලකිය යුතු මුදලක් ඉපයීමට කාලයක් ගත වන බැවින් ඉක්මණින් මුදල් සොයාගැනීමට ඉන් අපහසුබව කිවයුතුයි)

එමනිසා කිසිදු අවස්ථාවක ඔබගේ ජීවිතය අවසන් යැයි සිතන්නට එපා. මෙම රෝගයෙන් සිදුවන්නේ ඔබගේ ජීවිතයේ යම වෙනසකම් කොටසක් සිදුකිරීම පමණක් විනා ඔබට ජීවත්වීමට අවස්ථාව අහිමි කිරීමක් නොවයි.

 

About freddy

Check Also

අවයව දන්දීමෙන් තවත් අයෙකුට ජීවිතදානය දෙන්න එක්වන්න

අවයව දන්දීම පිළිබදව අප වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන්ම අප කථා කිරීමට බැදී සිටීනවා. අප එසේ …