ඉන්දියාවට සංචාරය කරන්නන්ගෙන් මෙරටට නැවතත් මැලේරියා අවදානමක්

මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් වර්ෂ 2016 දී නම් කලත් මේ වන විට නැවතත් ශ්‍රී ලංකාව තුල මැලේරියාව ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතිව ඇති බව වාර්තා වෙයි.

මේ වන විට මැලේරියා රෝගීන් 5 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් දඹදිව වන්දනාවේ ගොස් නැවත මෙරටට පැමිණි පිරිසක් බවද වාර්තා වෙයි. ඒ අනුව දඹදිව වන්දනාවේ ගොස් ආපසු එන පිරිස් සමඟ මැලේරියා රෝගය යළි මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.ඩී.බී. හේරත් මහතා පවසයි.

මේ වන විට වසරකට ලක්ෂ පහක පමණ පිරිසක් දිඹදිව වන්දනාවේ නිරත වන බවත් එසේ වන්දනා කිරීමේදී මැලේරියා රෝගය බහුලව පවතින ප්‍රදේශ හරහා සංචාරය කිරීමට සිදුවන බවත් පවසන එච්.ඩී.බී. හේරත් මහතා පවසන්නේ එවැනි අවස්ථාවන් වලදී නිවැරදි ආරක්ෂන ක්‍රමවේදයන් භාවිතා කරන්නේ නම් රෝගය වැලදීමෙන් වැලකී සිටිය හැකි බවයි. එමෙන්ම දඹදිව වන්දනාවේ ගොස් ආපසු පැමිණි පසු වෛද්‍ය පරීක්ෂාවක් කර ගැනීම වඩා උචිත බවද එච්.ඩී.බී. හේරත් මහතා පවසයි.

 

 

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …