මාස තුනක් රෝහලේ ප්‍රතිකාර ගත්ත මල්ලි දැන් ඉස්සර වගේ සෙල්ලම් කරන්නෙ නෑ… දඟ වැඩ කරන්නෙත් නෑ… නිතරම වමනෙ යනව… වමනෙ යන වෙලාවට මම මල්ලිට උදව් කරන්න එපයි…
මේ අක්කගෙ නම ඕබ්රි. මල්ලි බෙකට්. අක්කට අවුරුදු හයයි. දෙන්නගෙ වයස් පරතරය අවුරුද්දයි. දෙන්නම වසර හතරක් මව්පියන් සෙවණෙ හුරතලේට හැදුණෙ වැඩුණෙ එකටමයි. මල්ලිගෙ දඟකාරකම් අක්ක ඉමහත් ප්‍රීතියට පත් කළා.
ඔහොම ඉන්නකොට මේ මල්ලිට නරක කාලයක් ආව. ඔහු හිටි හැටියෙම අසනීප වුණා. පරීක්ෂා කළාම අම්ම කෙනෙකුට, තාත්ත කෙනෙකුට උහුලන්න බැරි වේදනාවක් හිතට ගෙන දුන් රෝගයක් ඔවුන්ගෙ සුරතල් පුතුට වැළඳිලා කියන අමිහිරි සත්‍යය ඔවුනට පසක් කරගන්න සිද්ධ වුණා. ඔහුට Acute lymphocytic leukemia (ALL) යනුවෙන් හැඳින්වෙන ලේ පිළිකාවක් වැළඳිලා.
ඕබ්රි අක්කට මේ ලෙඬේ ගැන ඒ තරම් නිනව්වක් නෑ. ඉස්සරත් අපි දෙන්න ලෙඩ වෙනවනේ. ඒත් මෙදා පාර මල්ලිගෙ අසනීපෙ වෙනස් වගෙයි. ගිලන් රථයකින් මල්ලිව රෝහලට ගෙනියනවා. දාන්නෙ දැඩි සත්කාර ඒකකයට. මුහුණ වහගත්ත, එකම විදිහෙ ඇඳූම් දවට ගත්ත වෛද්‍යවරුන්, හෙදියන් බෙකට් මල්ලිගෙ මුහුණට උඩින් එබෙනව, ගිලන් ඇඳේ හොත් මල්ලිට ඉන්ජෙක්ෂන් ගහනවා, බෙහෙත් දෙනව. පුංචි ඇයට පෙනෙන විදිහට මල්ලිට මොකක් හරි කරදරයක්..” ඊටත් ඇගේ අම්ම තාත්ත දැන් ඈ ගැන වගක් වත් නෑ. තේාන්තුවාවෙන් වගේ… දුක දරාගෙන දෙන්නම මල්ලිට සප්පායම් කරනව.
ඔය අතරෙ රෝහලේදි ඕබ්රිගෙ මල්ලිට කීමොතෙරපි දුන්න, රුධිර පාරවිලයන කළා, පට්ටිකා ලබා දුන්නා. මේ විදිහේ ප්‍රතිකාර රැසක් සිදු කරල මාසෙකට පස්සෙ බෙකට්ව ආපහු ගෙදර එව්ව.
දැන් ඔක්කොම හරි… මල්ලියා ගෙදර ආවනෙ. අක්ක එහෙම හිතුවත් ඒත් එහෙම වුණේ නෑ. ගෙදර ආපු මල්ලියා ඉස්සර වගේ සෙල්ලම් කරන්න එන්නෙ නෑ. ඇවිද ගන්නෙත් අමාරුවෙන්, වාරු නැතිව වැටෙන්න යන අවස්ථා බොහොමයි… ඔහු ඉස්සර වගේ කෙළිලොල් නෑ… රන්ඩු සරුවල් වලට එන්නෙත් නෑ… ඔහේ ඉන්නවා… සමහර වෙලාවට පොඞ්ඩක් මහන්සි වුණත් වමනෙ යනව. වෙනද අක්කව කෝප ගන්වන මල්ලි අක්ක දිහා බලල හිනා වෙනව විතරයි. වැඩි කතාබහක් වත් නෑ…
අක්කට බොහොම දුකයි. ඔහු දැන් ලෙඩ ගානෙ ඉන්නෙ… රාත්තල් දහයකින් මල්ලිගෙ බරත් අඩු වෙලා කියල අම්ම කියනව ඕබ්රි අහගෙන.
අම්මල කියනව මේ විදිහට අවුරුදු තුනක් වත් මල්ලිට ප්‍රතිකාර කරන්න වෙයිලු. අක්කගෙ පන… බෙකට් මල්ලි සනීප කරගන්න මේ පුංචි අක්ක හැමදාම දෙවියන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා.
බෙකට් වගේම ලේ පිළිකාවෙන් පීඩා විඳින දරුවන් සියළු දෙනාටම ඉක්මන් සුවය ලැබේව කියල අපිත් ප්‍රාර්ථනය කරමු. මේ කතාව, මේ සේයාරුව ඔබේ නෙතට කඳුලක් දෙන්නට සමත් වූවා නම් මේ ලෝකයේ ජීවත් වන රෝගී සියළු දෙනාටම මෛත්‍රීය පතුරුවමින් ඒ සියළු දෙනාට සුවය ප්‍රාර්ථනා කරන්න.
Bharata Gunathilaka www.doctormagazine.lk