Endoscopy කියන්නේ අපගේ ආහාර මාර්ග පද්ධතියේ ඇති යම් රෝගී තත්වයක් හෝ ආසාමාන්‍ය තත්වයක් නිරීක්ෂණය කිරීම සදහා සිදුකරන පරීක්ෂණයක්. මෙහිදී පාලනය කල හැකි බටයක් වැනි ව්‍යුහයක කෙලවර රදවා ඇති කැමරාවක් පරීක්ෂණයට ලක්වන්නාගේ මුඛය හරහා ඇතුල් කරනු ලබනවා. ඇතැම් විට ඇතිවිය හැකි වේදනාවන් පාලනය කිරීම සදහා වේදනානාශක ක්‍රමවේදයන් අනුගමනය කරනු ලබනවා.
මේ අත්දැකීම ලැබූ කෙනෙක් නම් මෙම පරීක්ෂණය සිදුකිරීමේදී පුද්ලයෙකුට ඇති වන අපහසුතාවය පිළිබදව හොදින්ම දන්නවා.
ඒ නිසාම අද අපි කියන්න යන්නේ මේ අපහසුතාය මග හරමින් ආහාර ජීරණ පද්ධතියේ අසාමාන්‍යතාවයන් නිරීක්ෂනය කල හැකි වෙනත් ක්‍රමවේදයක් ගැනයි.මේ ක්‍රමය අපට වාර්ථා වන්නේ බ්‍රසීලයෙන්. මේ සදහා බ්‍රසීලය විසින් අනුමැතිය ලබාදී ඇත්තේ මීට වසර කට පමණ පෙර බවයි එරට මාධ්‍ය වාර්ථා කරන්නේ. කෙසේ වෙතත් මෙම ක්‍රමය මේ වන විට බ්‍රසීලය තුල ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර රෝහල් හා අනෙකුත් ප්‍රතිකාර කරන ආයතව වලත් මෙම ක්‍රමය භාවිතා වනවා
මෙහිදී සිදුවන්නේ අප සාමාන්‍යයෙන් ඖෂධ වශයෙන් ගිලින කරලක/පෙත්තක විශාලත්වයට සමාන විශාලත්වයක් ඇති කුඩා නැමරායක් අන්තර්ගත ව්‍යුහයක් රෝගියාට ගිලීමට සැලැස්වීමයි. සාමාන්‍යයෙන් අපි බෙහෙත් පෙත්තක් හෝ කරලක් ගිලින විදියට මේක ගිලින්න අපට පුළුවන්.
ඊට පස්සේ වෛද්‍යවරයාට පුළුවන් අවශ්‍යනම් සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියම නිරීක්ෂණය කරන්න.
මේ ක්‍රමය මා දන්නාතරමින් තවමත් ශ්‍රී ලංකාව තුල භාවිතා වන්නේ නැහැ. මෙම ක්රමයේ සාර්ථක බව හෝ අසාර්ථක බව මත ඉදිරියේදී මේ අත්දැකීම ලබන්නට ඔබටත් හැකිවේවි.