දුර සිට මහරගම අපේක්ෂා රෝහලට එන රෝගීන්ට ප්‍රවාහන පහසුකම්

දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් මතුව තිබෙන ප්‍රවාහන ගැටළුව විසදා ගැනීමට,මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණීමටත්, ආපසු ඔවුන් නිවෙස්වලට යාමටත් අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් සැලසීමට කඩිනමින් විදිමත් වැඩ පිළිවෙළක් සකසන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාගමනාගමන මණ්ඩලයේ සභාපතිට උපදෙස් ලබාදී ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ දිවයිනේ සෑම පළාතකම සිට මේ සඳහා යෙදවීමට අවධානය යොමු කරන ලෙසත්, රෝගීන්ට අපහසුතාවයක් නොවන ආකාරයටත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහණ කටයුතු සඳහා බලපෑමක් නොවන ආකාරයටත් වැඩ පිළිවෙළක් සැකසීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.


About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …