බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ පසුව එහි සිදුකල දෙවන සාර්ථක වකුගඩු බද්ධ කිරීමක් සම්බන්දයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම බද්ධ කිරීම සිදුකල රෝගීයාත් මේ වන විට ඉතා හොද සෞඛ්‍ය තත්වයක සිටින බවයි වාර්තා වෙන්නේ.
කෙසේ හෝ මෙම සාර්ථක හා ධානාත්මක බද්ධ කිරීම් වල ප්‍රතිඵලයක් වශයෙන් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ විශාල ඉදිරි පිම්මක් සනිටුහන් කරමින් මෙලෙස සූකර වකුගඩු මිනිසුන්ට බද්ද කිරීම සම්බන්දයෙන් සායනික පරියේෂණ පැවැත්වීම සදහා US Food and Drug Administration (FDA) සිය අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
MGH රෝහලට අනුව මෙලෙස සාර්ථකව ජානමය වෙනස් කිරීමට ලක්කරන ලද සූකර වකුගඩුව වසර දෙකක් පමණ කාලයක් තිස්සේ ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගත් 66 හැවිරිදි Tim Andrews නම් පුද්ගලයාට බද්ධ කිරීම සිදුකර ඇත්තේ පසුගිය ජනවාරි 25 වනදායි.

පැය දෙකක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසුව පසුගිය පෙබරවාරි 01 වනදා රෝහලෙන් පිටව ගොස් ඇති Andrews මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා වෙයි.

විද්‍යඥයින් විසින් CRISPR-Cas9 තාක්ෂණය භාවිතා කරමින් මෙම සූකර වකුගඩුව මිනිසෙකුට බද්ධ කිරීමට සුදුසුවන තත්වයට පත් කරගැනීම සදහා ජානමය වෙනස්කම් 69ක් පමණ සිදුකර ඇති අතර එහිදී මිනිසුන්ට අහිතකර වියහැකි සූකර ජානයන් ඉවත් කර මිනිසාට හිතකර ජාන ඊට ඇතුලත්කර ඇත. එමෙන්ම බද්ධ කිරීමෙන් පසු ඇතිවිය හැකි වෛරස් ආසාදන අවදානම අවම කරමින්, සූකර වකුගඩුවේ Porcine retroviruse අක්‍රීය කරන්නටත් ඔවුන් කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.
US Food and Drug Administration (FDA) මගින් සායනික පර්යේෂණ මට්ටම දක්වා මෙම පර්යේෂණ ඉදිරියට ගෙන ඒමට අවසර දීම හේතුවෙන් ඒ සම්බන්දයෙන් වන පර්යේෂණ මෙම වසරේ මැද භාගයේදී ආරම්භ වීමට නියමිත බවත් ඉදිරියේදී වකුගඩු බද්ධ කරගැනීමට ලේඛණ වල බලා සිටින පුද්ගලයන්ට ධනාත්මක බලාපොරොත්තු ඇති කර ගත හැකි අවස්ථාවක් උදාවී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
(www.medscape.com/viewarticle/second-pig-kidney-transplant-success-and-fda-trial-approval-2025a1000819) ඇසුරිණි.