දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. මේබව අනාවරණය වුයේ වකුගඩු රෝග සම්බන්දයෙන් සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වු ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ 2023 වසරේ දී මෙරටින් දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 1,600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන බැවින් බෝ නොවන රෝග සහිත පුද්ගලයින් වකුගඩු පරීක්ෂාවන් සිදුකිරීම අත්‍යවශ්‍ය බවය.
වකුගඩු රෝගී තත්වයේ විවිධ අවධීන් ඇති අතර එහි මුල් අවදියේදී රෝග ලක්ෂණ පෙන්වීමක් නොමැති තරම් වෙන බැවින් මුල් අවදිවලදී වකුගඩු රෝගී තත්වයන් හදුනාගැනීම ඉතාමත් අපහසුය. නමුත් කාලයත් සමග ප්‍රතිකාර නොලැබීමෙන් අයහපත් තත්වයට පත්වන වකුගඩු මගින් රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ වීම සිදුවේ. එම රෝග ලක්ෂණ ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත නිවැරදිව එම රෝග ලක්ෂණ තෝරා බේරාගනිමින් තමන්ට ඇති රෝගය නිවැරදිව හදුනාගත යුතුය.
දියවැඩියාව,අධිරුධිර පීඩනය, හදවත් රෝග වැනි බෝ නොවන රෝගවලින් පීඩා විදින පුද්ගලයන්ට වකුගඩු රෝග ඇති වීමේ වැඩි අවදානමක් ඇතිඅතර, ඊට අමතරව
- අධික තරබාරුව
- වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්
- වකුගඩු රෝග ඇතිවීම සම්බන්දයෙන් පවුල් ඉකිහාසයක් ඇති පුද්ගලයන්ද
- දීර්ඝකාලීනව වේදනානාශක ලබාගන්නා පුද්ගලයන්
- දුම්පානය කරන්නන්
- වැඩි ලුනු සහිත ආහාර හා සකසන ලද ආහාර නිතර ආහාරයට ගන්නා පුද්ගලයන්
- කිහිපවරක් වකඅගඩු ආසාදන හෝ වකුඅගඩු වල ගල් ඇති වූ පුද්ගලයන්
එවැනි වකුගඩු රෝගී වීමට වැඩ ඉඩක් ඇති පුද්ගලයන් මෙන්ම, අනිතුක් පුද්ගලයනුත් වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ සම්බන්දයෙන් විශේෂ අවදානයක් යොමු කල යුතුය.
වකුගඩු රෝගයේ අවසන් අදියරයේදී ඇති වන රෝග ලක්ෂණ මෙසේය..
රෝග ලක්ෂණ
- ඇඟේ ශක්තිය හීන වීම,අධික මහන්සිය
- කෑම අරුචිය
- සම සුදුමැලි වීම
- නිදා ගැනීමේ අපහසුතා
- මුඛයේ දුර්ගන්ධය හා යකඩ රසක් දැනීම
- කකුල්, විලුඹ,ඇස්වටා ඉදිමීම
- හුස්ම ගැනීමේ අපහසුතා
- පාලනය කල නොහැකි අධි රුධිර පීඩනය
- මුත්‍රා පහවීම ඉතා අඩුවීම හෝ මුත්‍රා පහනොවීම
- සිරුර කෑසීම
- ඔක්කාරය, වමනය, බඩවියලීම,
- කෙන්ඩ පෙරලීම, මස්පිඬු වෙව්ලීම, හිරි වැටීම
- මනස ඒකාග්ර කරගැනීමේ අපහසුතා
එම රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් වලට හැකි ඉක්මනින් යොමුවී නිවැරදි පරිකෟෂණ මගින් රෝගි තත්වය නිවැරදිව හදුනාගැනීමෙන් පසු ඉදිරි ප්‍රතිකාර සදහා යොමු විය හැක.
වකුගඩු රෝගය හදුනාගැනීමට සදුකරන පරීක්ෂණ..
- Serum Creatinine & eGFR
- Blood Urea Nitrogen
- Electrolytes
- Heamoglobin
- Urine Analysis
- Urine albumin to Creatinine ratio
- 24 Hour Urine collection
- Ultrasound scan
- Biopsy
kidneyinfolk To educate people on kidney related issues.