වකුගඩු රෝගීන්ගේ හෘද ස්පන්දනය අසාමානය විය හැකි බව හෙලිවේ..

වකුගඩු රෝගවලින් පෙලෙන පුද්ගලයන්ට හදවතේ ගැස්ම සම්බන්දයෙන් ප්‍රශ්ණ ඇති විය හැකි බව නවතම පරීක්ෂණයකින් හෙලිවී තිබෙනවා. ඒ අනුව වකුගඩු රෝගීන්ට අසාමාන්‍ය හෘද ස්පන්දනයක් ඇති විය හැකි බවයි එම පරීක්ෂනය සිදුකල විද්‍යාඥයින් පවසන්නේ.

(මේ ආකාරයෙන් හෘද ස්පන්දන වෙනස්කම් ඇති වන්නේ හෘත් පේෂීන් හරහා ගමන්ගන්නා සංඥාවන් සාමාන්‍ය ආකාරයට වඩා වෙනස් ආකාරයන්ගෙන් ගමන්කිරීම නිසාවෙනි)

conduction

images

අසාමාන්‍ය හෘදස්පනද්යක් ඇති වීම සාමාන්‍යයෙන් බොහෝ පුද්ගලයන් අතර වඩාත් සුලභ තත්වයක් වන අතර එය වකුගඩු රෝගීන්ගේ තවත් සුලභව දැකිය හැකියි. එම නිසා මෙම අසාමාන්‍ය හෘද ස්පන්දනයන් අැති වීම වලක්වාගැනීම සදහා ක්‍රියාකිරීම මගින් මේ තත්වය මගහරවා ගැනීමේ හැකියාව වකුගඩු රෝගීන්ට පවතින බවයි පරීක්ෂකයන් පවසන්නේ.

වකුගඩු රෝගී තත්වයක් හෝ හෘද ස්පන්දනයේ වෙනස්කමක් නොමැති පුද්ගලයන් 16,769 ප්‍රමාණයක් යොදාගනිමින් සිදුකල පරීක්ෂනයකදී හෙලිවී ඇත්තේ කාලයත් සමග එම පුද්ගලයන්ගේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුවන විට  හෘද ස්පන්දන වෙනස්කම් ඇති වීමට පටන්ගන්නා බවයි.එලෙසම වකුගඩු වල ක්‍රියාකාරීත්වය අවම මෙන්ම මුත්‍රා සමග අධික ලෙස ප්‍රෝටීන් පිටවන පුද්ගලයන්ගේ හෘද ස්පන්දන වෙනස්කම් ඇතිවීමේ හැකියාව වකුගඩු රෝගී තත්වයක් නැති පුද්ගලයනගේ මෙන් දෙගුණයක් බවත් එම පරීක්ෂණය කණ්ඩායමේ සාමාජිකයෙකු වන වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය නිෂා බන්සාලි පවසනවා.

මහාචාර්‍ය බන්සාලිට අනුව මුල් කාලයේදී සුළු වකුගඩු රෝගී තත්වයන්ට ගොදුරු වන පුද්ගලයන්ට පවා පසුකාලීනව හෘද ස්පන්දන අසාමානයතාවයන් ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි. එම නිසා හදවත් රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී මෙන්ම ප්‍රතිකාර වල සාර්ථකත්වය කෙරෙහිද මේ තත්වය බලපාන බවයි මහාචාර්යවරයා පෙනවා දෙන්නේ.

එම නිසා වකුගඩු රෝගය හා හෘද ස්පන්දනය වෙනස්වීම අතර ඇති සම්බන්දතාවය සොයාගැනීමට ඉදිරියේදී තවතවත් පරීක්ෂණ කිරීම අනිවාර්‍ය බවයි බන්සාලි මහතාගේ අදහස වන්නේ.

 

මූලාශ්‍රය – https://www.news-medical.net

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …