පොටෑසියම් කිවූ පමණින් අපි බොහෝ දෙනෙක් හිතන්නේ එය අප ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස පමණයි. නමුත් අපේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩිවූ විට ඇතිවන ප්‍රථිඵල ගැනනම් හුග දෙනෙක් දන්නේ නැහැ.
පොටෑසියම් කියන්නේ ශරීරයේ නිවැරදි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම දෙයක් වුනත් ලෝකයේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ” හයිපකැලේමියා ” (hyperkalemia ) ඒ කියන්නේ රුධිරයේ අධික පොටෑසියම් ප්‍රමාණයක් සහිත තත්වයට පත්ව සිටිනවා. මේ තත්වය විශේෂයෙන් වකුගඩු රෝගීන්ට මෙන්ම හදවත් රෝගීන්ටත් සෞඛ්‍යසම්පන්න තත්වයක් නෙවේ. මොකද පොටෑසියම් වැඩිවීම නිසා දරුණු හදවත් රෝගී තත්වයන් ඇති වෙන්න පුළුවන්. හදවතේ රිද්මය වෙනස් වීමේ සිට මරණය දක්වාවන වපසරියේ බලපෑමක් පොටෑසියම් නිසා ඇති වෙන්න පුළුවන්.
වකුගඩු රෝගීන්ගේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ ඉතාමත් සැලකිය යුතු තත්වයක්.
වකුගඩු වල එක් කාර්‍යයක් තමයි වැඩි පොටෑසියම් ප්‍රමාණයන් ශරීරයෙන් ඉවත් කිරීම.නමුත් වකුගඩු රෝගීන්ගේ වකුගඩු නිසි පරිදි පෙරීමේ කටයුතු සිදුනොකරන නිසා ඔවුන්ගේ පොටෑසියම් මට්ටම ඉහලයාමේ අවදානම වැඩියි. රුධිරයේ වැඩි පොටෑසියම් ප්‍රමාණයක් පැවතීමේ අවදානය දෙවනි වන්නේ අධි රුධිර පීඩනයෙන් ඇති වන අවධානමට පමණක් බවයි වෛද්‍යවරුන්ගේ මතය වෙන්නේ. මෙහි ඇති අවධානම් තත්වය පිලිබදව දැනුමක් නොමැති වීම නිසා දරුණු හදවත් රෝගීතතවයන්ට මෙය මූළික හේතුවක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
වකුගඩු රෝගීන්ගෙන් 59%කට පමණ පොටෑසියම් වැඩිවීම පිලිබදව නිසි දැනුමක් නොමැති බවත් 1 -3 අදියරයේ වකුගඩු රෝගීතත්වයේ පසුවන රොගීන්ගෙන් 49%කට පමණ වැඩි පොටෑසියම් තත්වයන් පවතින බව සමීක්ෂණ මගින් හෙලිවී තිබෙනවා. එලෙසම ඩයලයිසිස් ප්‍රතිකාරය ලබන රෝගීන්ගෙන් 42% කට පමණ කෙටි කාලීනව වැඩි පොටෑසියම් ප්‍රමාණයක් ( (hyperkalemia තත්වයක් ) පැවතීමේ තත්වයක් ඇති විය හැකි අතර 47%කට පමණ එම තත්වය දීර්ඝ කාලීනව පැවැතිය හැකියි.
මේ ආකාරයේ කුමන හෝ හේතුවක් මත පොටෑසියම් වැඩි වූ පුද්ගලයෙකුට පොටෑසියම් පාලනය කල හැකි පහසුම ආකාරය වන්නේ ආහාර පාලනය කිරීම. ඒ කියන්නේ පොටෑසියම් බහුල ආහාර ගැනීමෙන් වැලකීම.
- කෙසෙල්,දොඩම්,දෙළුම්,කිවි,අඹ,අලිගැටපේර වැනි පලතුරු වර්ග
- නිවිති,තක්කාලි,අර්තාපල්,වට්ටක්කා,හතු වැනි එළවළු වර්ග
- චොකලට්,රටකජු,කජු වැනි වෙනත් ආහාරත් පාලනය කිරීම මගින් සාමාන්‍යයෙන් පොටෑසියම් පාලනය කල හැකියි.
ආහාර පාලනයකිනුත් හයිපකැලේමියා තත්වය පාලනය කල නොහැකිනම් වෛද්‍යවරුන් විසින් සුදුසු ඖෂධ ලබාදීමෙන් එම තත්වය පාලනය කිරීමට කටයුතු කරනු ඇති.