HIV මගින් හෘද්‍යාබාධ හා වකුගඩු රෝග ඇතිවීමේ අවධානම ඉහළ යන බව පර්යේෂණයකින් හෙලිවේ.

Sample blood collection tube with HIV test label on HIV infection screening test form.
Sample blood collection tube with HIV test label on HIV infection screening test form.

HIV කියන්නේ මේ වන විට කවුරුත් පාහේ හොදින් හදුනන රෝගයක්. මෙම රෝගය පිලිබදව ජනතාවගේ ඇති දැනුවත්භාවය දිනෙන් දින වර්ධනය වූවත් රෝගය වැලදෙන පිරිසනම් දිනෙන් දින වැඩිවන බවටයි සමීක්ෂණ වාර්ථා සාක්ෂි දරන්නේ. කෙසේ වෙතත් HIV වැලදුන රෝගීන්ට එම රෝගී තත්වයට අමතරව ඉදිරියේදී මුහුණදීමට සිදුවන වෙනත් ආබාධයන් පිලිබදව පසුගිය දිනයකදී ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය මගින් සිදුකල පරීක්ෂණයකදී හෙලිවූ කරුණු අනුව HIV රෝගීන්ට හෘද්‍යාබාධ මෙන්ම වකුගඩු අකරණි තත්වයන් ඇතිවීමේත් ඉහල අවධානමක් පවතිනවා.

 ඇඩිලේඩ් විශ්වවිද්‍යාලය මගින් මෙම සමීක්ෂණය සදහා HIV සදහා ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් විශාල පිරිසක් සහභාගී කරගත් අතර ඉන් 1400 දෙනෙක් දීර්ඝකාලීන වකුගඩු අකරණිය තත්වයෙන් පෙලෙන බවත් 900 දෙනෙක් පමණ හෘදය ආශ්‍රිත විවිධ සංකූලතාවයන්ගෙන් පෙලෙන බවත් 11%ක් පමණ මෙම රෝගී තත්වයෙන් දෙකෙන්ම පෙලෙන බවත් හෙලිවී තිබෙනවා. ඒ අනුව HIV මෙන්ම හෘද්‍යාබාධ තත්වයන්ද ඇති රෝගීන්ට දීර්ඝකාලීන වකුගඩු අකරණි තත්වයන් ඇතිවීමේ අවධානම 5.63 ගුණයකින් ඉහළ යන බවයි එම සමීක්ෂණ වාර්ථාවේ සදහන් වන්නේ.

ඇඩිලේඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ මහාචාර්ය වරයෙකුවන මාහාචාර්ය බොයිඩ් මහතාට අනුව HIVසහිත පුද්ගලයන්ට ඇතිවිය හැකි හෘදය ආශ්‍රිත රෝගී තත්වයන් පාලනය කිරීමට කාලයක් තිස්සේ උත්සහ ගත්තත් HIV රෝගී තත්වයට ප්‍රතිකාර කිරීමත් සමග හෘද්‍යාබාධ හා වකුගඩු ආබාධ වැනි වෙනත් තත්වයන් කෙරෙහි ඇති අවධානය අඩු වන බැවින් පසුකාලීනව වෙනත් බරපතල රෝගී තතවයන් බවට ඒවා පත්වී ජීවිත තර්ජනයක් පවා ඇති කලහැකියි.  එම නිසා මාහාචාර්ය බොයිඩ් පවසන්නේ HIV සහිත රෝගීන්ට ඇති වන වකුගඩු හා හෘදය ආශ්‍රිත රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීම සමස්ථයක් වශයෙන්  සිදුවිය යුතු බවයි. එසේ නොමැතිනම් HIV රෝගයට ලැබෙන වැඩි අවදානයත් සමගින් අනෙකුත් රෝගයන් මගහැරී දැඩි ජීවිතතර්ජනයක් ඇතිවිය හැකි තත්වයන් ප්‍රථිඵල විය හැකියි.

 

https://www.sciencedaily.com ඇසුරිනි.

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …