මීට වසරකට පමණ පෙර තමයි මට වකුගඩු රෝගය ගැන දැනගන්නට ලැබුනේ. මගේ වයස අවුරුදු 17ක්.මම ගොඩක් විනෝදයෙන් නිදහසෙන් තමයි මගේ ජීවිතය ගතකලේ. ඒත් 2015 වසරේ අගෝස්තු මාසයේ එක් දවසක් මට දැනුනා මගේ ඇග දුර්වල වෙලා කියලා,මගේ ඔළුව නිදහස් නෑ කියලා ඒ මං වැඩිය ගණන් ගත්තේ නැහැ. මං හිතුවා ඒ මං …
Read More »HIV ආසාදිත වීරවරියකගේ කතාව
ඇය HIV ආසාදිත කාන්තාවක්. ජර්මනියේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටි සිය සැමියා යළි සියරට පැමිණීමෙන් අනතුරුවයි ඇයටත් රෝගය වැළඳී ඇති බව ඇයට දැනගන්නට ලැබුණේ. සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බව හෙළිවීමත් සමඟ ඇය වාසය කළ මුළු ගම්මානයම ඔවුන්ගේ පවුලට එරෙහිව ‘යුද ප්‍රකාශ’ කළ අයුරු ඇය තවමත් සිහිකරන්නේ කම්පිතව. ගමෙන්, සමාජයෙන් එල්ල …
Read More »පිළිකාව පැරදූ දිරිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ කථාව
“මට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්තම විශාල බියක් ඇති වුණා. නමුත් මම හිතා ගත්ත එය අභියෝගයක් කරගෙන මගේ ජීවිතය ඉදිරියට ගෙනියනව කියල.” “මේ රෝගය නිසා මගේ ජීවිතේ ගොඩාක් දේ අහිමි වුණා. මගේ ළඟ අන්තිමට ඉතිරි වුණේ දරු දෙන්නයි මගේ දෙමාපියනුයි, යහළු යෙහලියන් පමණයි,” සිය ජීවන ගමනේ අබිමුවට ආ අභියෝගයට ජීවිතය යට …
Read More »වකුගඩු බද්ධ කලාම travel කරන්න බැරිද?
වකුගඩු බද්ධ කලවිට විශබීජ වලින් ප්‍රවේශම් වීම ගැන අපි වැඩි අවදානයක් යොමු කළ යුතුමයි. නැතිනම් විවිධ මට්ටමේ ආසාදන වල සිට බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම දක්වා පරාසයක ගැටළු ඔබට ඇති විය හැකියි. බද්ධ කිරීමෙන් පසු අවම වසරක්වත් යන තුරු නිවසටම වී සිටීමයි වඩාත් හොද. විශේෂයෙන් විවාහ මංගල්‍ය උත්සව වැනි සෙනග …
Read More »අවයව දන්දෙන්න යැයි කියමින් තම මෝටර්රථය මිහිදන් කල බ්‍රසීල ධන කුවේරයා.
මේ පුවත අපට වාර්ථා වන්නේ බ්‍රසීලයෙන්. බ්‍රසීලයේ ධන කුවේරයක් වන Thane Chiquinho Scarpa කියන තැනැත්තා එක් දිනක් මුළු ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්වුන ප්‍රකාශයක් මාධ්‍ය හරහා සිදුකරනවා.ඒ ප්‍රකාශයේ දැක්වෙන්නේ ඔහු මියගිය පසු ප්‍රයෝජනයට ගැනීම සදහා ඔහුගේ ඩොලර් මිලියන ගණනක් වටිනා මෝටර් රථය මිහිදන් කිරීමට ඔහු තීරණය කල බවයි. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් …
Read More »කරුණාකර වකුගඩු බද්ධයෙන් පසු ප්‍රවේශම් වන්න. නැතිනම් ..
මම මේ කථාව කියන්නේ මං ගැනනම් නෙවෙයි මාගේ ආදරණීය ලොකු අක්කා ගැන. කථාව මගේ නොවුනත් මගේ අක්කාත් සමග මං ලැබූ අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්න මං තීරණය කලේ එමගින් kidneyinfolk.com කියවන සෑම දෙනාටම හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කියල මං හිතන නිසයි. මාගේ අක්කාට වකුගඩු රෝගී තත්වයක් අැති බව අපට …
Read More »වකුගඩු බද්ධ කල පසු ඖෂධ මාත්‍රාව ගැන සැලකිලිමත් විය යුතුයි.
වකුගඩු බද්ධ කිරීමකින් පසුව අපට විශේෂිත ඖෂධ කිහිපයක් ලබාදෙන අතර ඒවා වෛද්‍යවරුන් නිර්දේශ කරන මාත්‍රාවන්ගෙන් නිර්දේශීත වේලාවන් වලදී ලබාගැනීම අනිවාර්යයෙන්ම කල යුතුයි. නැතිනම් ඖෂධ වල වෙනස් වීම හා ඖෂධ නිසි පරිදි ශරීරයට නොලැබීම මත බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප විය හැකියි. මා ලැබූ අත්දැකීමක් නිසා මේ ගැන ඔබ සමග බෙදා ගන්නට …
Read More »මුත්‍රා ආසාදන ගැන සැලකිලිමත් නොවුනොත් වැඩ වරදින්න පුළුවන්.
මා දැනට වකුගඩු බද්ධ කිරීමක් කර වසර 2යි මාස 6ක් පමණ වනවා. සාමාන්‍ය පරිදි ඖෂධ ලබාගනිමින් සාමාන්‍ය පරිදි සායන වලට සහභාගී වෙමින් අවශ්‍ය පරීක්ෂණ සියල්ල සිදුකරගනිමින් මා කිසිදු අසාමාන්‍ය තත්වයක් නොමැතිව කල් යවමින් සිටියා. නමුත් දිනක් උදෑසන අවදි වන විට මාගේ ඇගට එතරම් සනීපයක් නැති බව මා හට තේරුම් …
Read More »මගේ ප්‍රතිදේහ වලින් මගේ ඉන්ද්‍රීයයන්වලටම පහර දෙන නිසා සැලකිලිමත් වෙන්න ඕනේ
මම මේ වන විට පුද්ගලික ආයතනයක රැකියාව කරන මා හට මේ තත්වය දැනගන්නට ලැබුනේ මීට අවුරුදු තුනකට පමණ පෙරයි. ඒ කාලයේදී කාලයක් විටින් විට මාගේ පිට කොන්ද ප්‍රදේශයේ වේදනාවන් දැනෙන්නට පටන් ගත්තා. ඇතැම් දිනවල කකුලේ විලුඹ ආශ්‍රිත ප්‍රදේශය ඉදිමීම් ද දක්නට ලැබුණා. නමුත් මම වැඩිය ඒ දේවල් ගනන් ගත්තේ නැහැ. …
Read More »වසර 1907 දක්වා දිවෙන වකුගඩු බද්ධ කිරීමේ ඉතිහාසය ගැන දැනගනිමු.
වකුගඩු බද්ධ කිරීමක් පිලිබදව මුල්ම අදහස් දැක්වීම සිදුව ඇත්තේ වසර 1907 තරම් වන අතීතයේදීයි. ඒ ඇමරිකානු වෛද්‍යවිද්‍යා පරීක්ෂකයෙකු වන සයිමන් ෆ්ලෙක්ස්නර් විසිනුයි. එහිදී ඔහු විසින් චිකාගෝ විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කල පර්යේෂණ වාර්ථාවක අවයව බද්ධ කිරීමේ හැකියාව පිලිබදව සදහන් කර තිබෙනවා.එහිදී ඔහු සදහන් කර ඇත්තේ ශල්‍යකර්මයක් මගින් රෝගී අවයව ,තවත් නිරෝගී අවයව …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.