ඩයලයිසිස් කරන “ෆිස්ටියුලාව” කියන්නේ මොකක්ද?

ෆිස්ටියුලාවක් කියන්නේ මොකක්ද?
සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆිස්ටියුලාවක් කියල හැදින්වුවත් ඒකට විද්‍යාත්මකව කියන්නේ Arteriovenous Fistula කියලයි ඓහෙමත් නැතිනම් AVF කියලයි. එකේ නමෙන්ම පැහැදිලි වන අාකාරයට ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ අපේ ධමනියක් හා ශිරාවක් ශල්‍යකර්මයක් මගින් එක් කිරීමෙන්. මේ ශල්‍යකර්මය බොහෝවිට සිදුකරන්නේ අපේ අතේ ධමනියක් හා ශිරාවක් යොදාගෙන.

26n4a04f1

en1294416

 

ෆිස්ටියුලාවක් නිර්මාණය කරන්නේ ඇයි?
වකුගඩු වල ක්‍රියාකාරිත්වය අහිමි වුනාම ඩයලයිසිස් කරන්න වෙනව. ඒ අවස්ථාවේදී ඩයලයිසිස් යන්ත්‍රය වෙත අපේ රුධිරය යවන්න හා යන්ත්‍රයෙන් පැමිණෙන පිරිසිදු වූ රුධිරය නැවතත් ශරීරයට ලබාගන්න සම්බන්ධතාවයක් ගොඩනගන්න තමයි ෆිස්ටියුාවක් නිර්මානය කරන්නේ.
ෆිසිටියුලාවක් නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වන විට එය හරහා සාමාන්‍ය රුධිරයේ පීඩනයට වඩා වැඩි වේගයකින් රුධිරය ගමන් කරනවා.ඒ ආකාරයෙන් රුධිරයේ ඇතිවන පීඩනය තමයි අපේ අපිරිසිදු වූ රුධිරය ඩයලයිසිස් යන්ත්‍රයට යවන්න උපකාරී වෙන්නේ.

රෝගියාට ඩයලයිසිස් ප්‍රතිකාරය ආරම්භ කිරීමට ආසාන්න තත්වයකට පත්වීමට කලින් මේ ෆිස්ටියුලාව නිර්මණය කරගතයුතුයි. මොකද ෆිස්ටියුලාවක් නිර්මාණය කරල ඒක නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක් වෙන්න මාස කිහිපයක් ගත වෙනවා. ෆිස්ටියුලාවක් නිර්මාණය කිරීම අනිවාර්‍යයෙන් ශල්‍යවෛද්‍යවරයෙක් අතින් තමයි සිදුවෙන්න ඕනේ.
ධමනිය හා ශිරාව සම්බන්ද කල විට ශිරාව ප්‍රමාණයෙන් විශාල වෙලා ශක්තිමත් වෙනවා.  ඩයලයිසිස් යන්ත්‍රයට රෝගියාව සම්බන්ද කරන්න අවස්ථාව ඒ නිසා හිමිවෙනවා.

ෆිසිටියුලාවක් කොපමණ කාලයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්ද?
නිර්මාණය කල ෆිස්ටියුවක් නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙනවානම් එය ජීවිත කාලයේදීම අවශ්‍ය වූ විට භාවිතා කරන්න පුළුවන්.
සමහර අයට තාවකාලිකව වකුගඩු බද්ධකිරීම සිදුවන තුරු පමණක් මෙය භාවිත කරන්න පුළුවන්.එහෙමත් නැතිනම් වකුගඩු බද්ධ කිරිමේ ශල්‍යකර්මයක් සිදුකල නොහැකි බවට වෛදයවරුන් නිර්දේශ කරන රෝගීන්ට තම ජීවිත කාලය පුරාවටම ඩයලයිසිස් කිරීම සදහා මේ ෆිස්ටියුලාව භාවිතා කරන්න පුළුවන්.

ෆිස්ටියුලාව හරහා ඩයලයිසිස් යන්ත්‍රය රෝගියාට සම්බන්ද කරන ආකාරය
ෆිස්ටියුලාව හරහා ඩයලයිසිස් යන්ත්‍රය රෝගියාට සම්බන්ද කරන ආකාරය

 

මූලාශ්‍රය -http://www.surgeryencyclopedia.com

About freddy

Check Also

වකුගඩුවලට හානිකර රස්නය

සාපේකෂව අධික උෂ්ණත්වයක් ඇති රටවල් වල ජීවත්වන වකුගඩු රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවන ප්‍රමාණය, සාමාන්‍ය සීත …