COVID-19 නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයේ රුධිර හිගයක්

කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ජංගම රුධිර කඳවුරු ඇනහිටීම නිසා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීග්‍රයෙන් පහත වැටී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. දැනට පවතින රුධිර සංචිත දින දෙකකට පමණක් ප්‍රමාණවත් වන අතර ලබන සතිය වන විට එය ගැටලුවක් වන බව අධ්‍යක්ෂවරයා පවසයි.

මහරගම අපේක්ෂා රෝහලේ සහ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර කරන රෝගීන්ට රුධිර පට්ටිකා දෛනිකව ලබා දිය යුතුය. තවද ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පට්ටිකා සාමාන්‍යයෙන් ගබඩා කර තබා ගත හැක්කේ දින පහක කාලසීමාවක් පමණි. තැලසීමියා රෝගීන්ටද දෛනිකව රුධිරය සැපයිය යුතුය. දිවයින පුරා රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 105ක් ක්‍රියාත්මකය. දෛනික ජංගම රුධිර කඳවුරු පවත්වමින් රුධිර මධ්‍යස්ථාන රුධිර ඒකක 4000ක් එකතු කරයි. කොවිච් – 19 වෛරසය ව්‍යාප්ත වීම, ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජංගම රුධිර කඳවුරු පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත.

රුධිර සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා රුධිර පරිත්‍යාගශීලීන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ හෝ දිවයින පුරා මහා සහ ශික්ෂණ රෝහල්වල ඇති රුධිර මධ්‍යස්ථානවලට රුධිරය පරිත්‍යාග කළ හැකිය. 011-5332153 හෝ 011-5332154 යන දුරකථන අංකවලට අමතමින් වේලාව වෙන් කර ගැනීමට රුධිර පරිත්‍යාගශීලීන්ට අවස්ථාව උදාවන බව අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා රුධිරය පරිත්‍යාග කළ හැකි බව ඔහු අවධාරණය කර සිටි​යේය.

(aruna.lk)

About freddy

Check Also

දරාගත නොහැකි වැසිකිළි ගාස්තුවෙන් නුවරට වකුගඩු රෝග අවදානමක්

සාප්පු සේවකයන්ට මාසික වියදම රු. 1500 ඉක්මවයි මහනුවර නාගරික පොදු වැසිකිළි භාවිත කිරීමේදී මාසිකව රුපියල් …