කොරෝනා වෛරසය වසංගත තත්වයක් ලෙස ලොවපුරා පැතිර යාම ආරම්භ වීමත් සමග ලොව පුරා දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විට සිටින්නේ සිය නිවෙස් තුලට වී බව අපි සැම දෙනාම දන්නවා. සෞඛ්‍ය අංශ විසින් මෙම පියවර ගෙන ඇත්තේ වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන්.
දැන් මේ විදියට ගෙදරට වෙලා ඉන්න කොට අපිහැම දේනාගේම ජීවිතය යම් ආකාරයකින් ඒකාකාරී තත්වයක් බවට පත්වෙනවා. අද අපි කථා කරන්න හදන්නේ මේ ඒකාකාරී ජීවිතය වෙනස් කරලා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ මේ තත්වය හිතට,මනසට කරදරයක් කරගන්නේ නැතිව මේ තත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියලයි.
පුරුද්දක් ඇති කරගන්න
දැන් ගොඩ ටදටනක් පාසල් නිවාඩු දීමත්,රැකියා ස්ථාන නිවාඩු දීමත්,නිවසේ සිට වැඩකිරීමත් නිසා ගෙදරට වෙලාමනේ ඉන්නේ. ඒක නිසා හැම දවසක්ම බෝරිං වෙන්න පටන් අරන් ඇති. ඒ තත්වය මගහරවා ගන්න පුළුවන් විදියක් තමයි පුරුද්දක් හදාගෙන ඒ අනුව දිනපතා වැඩ කිරීම.
ඒ කියන්නේ අපි පාසල් යනකොට,රැකියාවට යනකොට අපිට පුරුදු වෙච්ච වැඩ කොටසක් තිබුණානේ ඒක නිසා අපි දෛනිකිව ඒ වැඩ කරන්න පුරුදු වෙලා හිටියනේ.ඒ විදියට ගෙදර හිටියත් ඒ වැඩකරන්න පුරුද්දක් හදාගන්න. එතකොට පුළුවන් ජීවිතේ බෝරිං වෙන්නේ නැතිව වැඩ ටික කරගන්න.
ව්‍යායාම කිරීමට පුරුදු වන්න
ව්‍යායාම සදහා යොමු වීම කම්මැලිකම නැතිකරන්න පුළුවන් හොදම විදියක්. ඒකටතම තමන් පුරුදු වෙලා හිටපු ව්‍යායම ඒ විදියටම කරන්න පුළුවන්.පිට්ටනි වල දුවන්න,ඇවිදින්න පුරුදු වෙලා හිටපු අයටනම් ගෙදර ඉදන් ඒ ව්‍යායාම කරන්න අමාරුයි. ඒක නිසා ඒ සදහා වෙන විකල්ප සදහා යොමු වෙන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ ඔබට ගැලපෙන විදියේ ඔබට කරන්න පුළුවන් විදියේ ව්‍යායාම තෝරාගන්න පුළුවන්.
ව්‍යායාම කරන එක මානසික සෞඛ්‍යට වගේම ශාරීරික සෞඛ්යටයත්, රෝග බොහෝමයකින් බේරෙන්නත් පුළුවන්.
ගෙවත්තේ කාලය ගතකරන්න
ගෙවත්තේ කාලය ගත කරන්න පුරුදු වෙන එකත් මේ වගේ අවස්ථාවකදී මනසට විශාල සහනයක් ගෙන දෙන්නක් වන්නට පුළුවන්. මල් පැල වගේම,එළවළ පැල හිටවන්න ඒවාට සාත්තු කරන්නත් කාලය වෙන් කරන්න පුළුවන්.
ඊට අමතරව ඒ මුකුත් නොකර රිසරය විදින්නත් නිදහසේ ඉන්නත් මේ වෙලාව භාවිතා කරන්න පුළුවන්.
විවිධ විනෝදාංශ සදහා යොමු වන්න
විනෝදාංශ වෙනුවෙන් යොමු වෙන එක අපේ කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කරන්න පුළුවන් ගොඩක් හොද විදියක්. අපි එක එක්කෙනාට විවිධ විනෝදාංශ තියෙන්න පුළුවන්. පොත් කියවන්න,චිත්‍රපට බලන්න, කෑම බීම අත්හදා බලන්න, විවිධ නිර්මාණ කරන්න වගේ දේවෙල් කරන පුළුවන්.
ඊට අමතරව කාලයකින් හමුවුනේ නැති යළුවන්ට,නෑදෑයන්ට අමතන්නත් පුළුවන්. වට්ස්ඇප්,වයිබර් වගේ දේ පාවිච්චි කරල conversation එකක් හදාගෙන කට්ටියටම එකතු වෙලා පසුගිය දේවල ,සුන්දර දෙවල් මතක් කර කර සතුටින් ඉන්නත් අවස්ථාව තියෙනවා.
කාලයක් තිස්සේ ර්යබහුල ජීවන රටාවත් එක්ක නඩත්තු නොවු සම්බන්දතාවයන් නැවතත් අලුත් කරගන්න මේ අවස්ථාව ගොඩක් වටිනවා.
ප්රවෘත්ති බලන එක ගැන සැලකිලිමත් වෙන්න
සමහර අයට මේ දවස් වල ප්රවෘත්ති බලන එක මනසට වදයක් වෙන්න පුළුවන්,සමහර අයට එහෙම නොවෙන්නත් පුළුවන්.හැම නිවුස් එකකම හැම වේලාවෙම වගේ කියන්නේ ලෝකයෙ හා අපේ රටේ කොරෝනා තත්වය ගැන නිසා මනසට ආතතියක් ඇති කරන්න ඒ දේවල් හේතු වෙනවා
ඉතින් ඒ විදියට මනසට වදයක් වෙන අයට කරන්න තියෙන්නේ නිවුස් ගැන වැඩි අවදානයක් යොමු නොකර ඉන්න එක. නිවුස් අතහැරලා සෞඛ්‍ය අංශ කියන විදිට නිවසට වෙලා පවුලේ අයත් එක්ක සතුටින් එන්න එක තමයි හොද
මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් ඔලුවට බරක් කරගන්නේ නැතිව මෙි ඇදිරි නීති කාලය ගෙවා ගන්න