කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරන එන්නතක් ගැන ඇමරිකානු සමාගමකින් ඉගියක්

කොරෝනා වෛරසයට එරෙහිව මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කල හැකි එන්නතක් සම්බන්දයෙන් ඉගි පල කිරීමට ඇමරිකානු ආයතනයක් වන Moderna ආයතනය සමත් වී තිබේ.

මේ වන පුද්ගලයන් 45 දෙනෙකු යොදාගනිමින් ඔවුන් කරන පරීක්ෂණ වල මුල් පුද්ගලයන් 8 දෙනාගේ සිරුරු තුල උදාසීන තත්වයට පත්වූ ප්‍රතිදේහ හමුවූ බවත්, එම පුද්ගලයන් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය සැබෑ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් දක්වන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයට සමාන බව නිරීක්ෂණය වී ඇති බවත් එම සමාගම පවසයි.

මේ සම්බන්දයෙන් විශාල වශයෙන් පරීක්ෂණ එළඹෙන ජුලි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.Moderna සමාගම විසින් මේ වන විට පරීක්ෂණයට ලක්කරන එන්නත (mRNA-1273) තුල අඩංගු වන්නේ කොරෝනා වෛරසයේ ජාන කේතයේ කුඩා කොටසකි. එම ජාන කේත කොටස පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය කරවීමට ප්‍රමාණවත් නොවන බවත්,නමුත් වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීමට එම ජාන කේත කොටස ප්‍රමාණවත් බවත් Moderna ආයතනය පවසයි.

මේ වන විට ලොවපුරා කණ්ඩායම් 80ක් පමණ කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම සදහා පරීක්ෂණ වල නිරතවී සිටීම හේතුවෙන් කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීඹ මේ වන විට වේගවත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා සදහන් කරයි.



About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …