වකුගඩු ලෙඩ කරන පාන වර්ග

මේ දිනවල තියෙන මේ අධික උෂ්ණ කාලගුණයක් එක්ක අපිට එන පිපාසය නිවාගන්න අපි විවිධ පානවර්ග බීමට පුරුදු වෙලා ඉන්නවා.. ඉතිං ඒ නිසාම අපි ඒ බොන බීම වර්ග අපේ සෞඛ්‍යයට වගේම අපේ වකුගඩුවල සෞඛ්‍යයටත් බලපාන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ…

සාමාන්‍යයෙන් හොයාගෙන තියන විදියට එක දිනයකදී අපේ වකුගඩු මගින් දියර වර්ග ගැලූම් 50ක් පමණ පෙරීමකට ලක්කරනවා.ඒ කියන්නේ දල වශයෙන් දියර වර්ග ලීටර 190ක් විතර.

ඒ නිසාමයි අපි අපේ වකුගඩු හරහා මේ විදියට පෙරීමකට ලක්වෙන දියර වර්ග ගැන සැලකිලිමත් වෙන්න ඕන.. හැම දියර වර්ගයක්ම වකුගඩුවලට හිතකර වෙන්නේ නැහැ.. මේ ලිපිය ඒ ගැනයි.

ඇයි අපේ වකුගඩු වලට දියර වර්ග අවශ්‍ය වෙන්නේ…

වකුගඩු  තමයි අපේ සිරුරේ තියෙන දේවල් පෙරීමකට ලක්කරන ඉන්ද්‍රීය. එහෙම පෙරීමකට ලක්කිරීම මගින්

  • අනවශ්‍ය අපද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කිරීම.
  • රුධිර පීඩනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම.
  • සෝඩියම්, පොටෑසියම්,කැල්සියම් වැනි අයන වර්ග පාලනය.
  • වකුගඩු ආශ්‍රිතව ගල් ඇති වීම වැලැක්වීම.

වගේ දේවල් සිදුකරනවා.ඒ නසා අපි විවිධ පානවර්ග හරහා ශරීරයට ලබාගන්නා දියර ප්‍රමාණය ප්‍රමාණවත් නැතිවුනොත් මේවැඩ ටික කරගන්න අපේ වකුගඩුවලට බැරි වෙනවා.

ඒ වගේම තමයි වකුගඩු වලට හිතකර පාන වර්ග දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාණවත් විදියට ලබාගත්තේ නැති වුනාමත් කාලයක් යද්දි ඒක වකුගඩු වල ක්‍රියාකාරීත්වයට අහිතකර විදියට බලපානනන පුළුවන්. දියර වර්ග ලබාගත යුතුයි කිව්වත් අපි හැම කෙනෙක්ම දියර වර්ග ලීටර් 3ක් හෝ 4ක් දිනපතාම ලබාගත් යුතුයි කියපාචනය ල නියමිත අගයක් නැහැ. අපි එකිනෙකාගේ වයස, ශරීරයේ ප්‍රමාණය, සිදුකරන ක්‍රියාකාරකම් ප්‍රමාණය, ජීවත්වන ප්‍රදේශයේ දේශගුණය, මත අපි ලබාගත යුතු දියර ප්‍රමාණයන් වෙනස් වෙනවා.

එමෙන්ම ගර්භනී සමයේදී වගේම මව්කිරිදෙන කාලයේදීත්, වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු වීම හේතුවෙන් ඩයලයිසිස් ප්‍රතිකාරය සිදුකිරිම, වමනය,පාචනය වැනි තත්ව මතත් අපි ලබාගත යුතු දියර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්.

අපිට තියෙන වකුගඩු වලට හිතකර පාන වර්ග මොනවද?

  • ජලය
  • එලකිරි
  • සීනි නොයෙදූ පලතුරු බීම
  • ශාකමය ප්‍රභවයන්ගෙන් ලබාගන්නා කිරි වගේ දේවල් අපිට සෞඛ්‍ය⁣ට හිතකර පාන වර්ග විදියට සලකන්න පුළුවන්.

අපේ සෞඛ්‍යයට හිතකර වගේම අපේ වකුගඩු වලට හිතකර වෙන පාන වර්ග ගැනත් අපි බලමු.

ජලය

අපි බොන ජලයේ කැලරි,සීනි,හෝ වෙනත් දේවල් නැති නිසා වකඅගඩඅ වල සෞඛ්‍යයට හිතකරම පානය විදියට අපිට කියන්න පුළුවන් වන්නේ ජලයයි.

නියමිත පරිදි ජලය පානය කිරීමමගින් වකුගඩඅ තව තවත් ලෙඩ කරන වකුගඩුවල ගල් ඇතිවීම, මුත්‍රා ආසාදන වගේ තත්ව වලින් ගැලවෙන්නත් හැකියාව තිබෙනවා.

පලතුරු බීම

පලතුරු බීම කියන්නෙත් ඉතාමත් හොද පානයක්. හැබැයි අපි වෙලඳසැල් වලින් මිලදී ගන්නා පලතුරු බීම වලටනම් සීනි ,රසකාරක වගේ විවිධ දෙවල් කලවම් කරල තියෙන නිසා ගෙදරීම ඒ වගේ රසකාරක නැති පලතුරු බීම හදාගන්න පුළුවන්නනම් ගොඩක් හොදයි. වෙලඳසැල් වලාන් මිලදී ගන්නවානම් No Added Sugar කියල තියෙන බීම වර්ග ගන්න එක සාපේක්ෂව සෞඛං්‍යයට හිතකරයි.

ශාකමය ප්‍රභවයන්ගෙන් ලබාගන්නා කිරි

Oat Milk,Almond Milk වගේ ශාකමය ප්‍රභවයන්ගෙන් ලබාගන්නා කිරි වර්ග වල අඩංගු පොස්පරස් හා පොටැසියම් ප්‍රමාණය එලකිරි වලට සාපේක්ෂව අඩුවීම හේතුවෙන් ඒවා වකුගඩු වලට වඩාත්ම හිතකර පාන වරගගයන් වශයෙන් හදුනාගෙන තිබෙනවා.

එළකිරි

එලකිරි කියන්නේ කැල්සියම්, ප්‍රෝටීන් වගේ අපේ ශරීරයට හිතකර ඛනිජ හා පෝෂක කොටස් බොහෝමයක් අඩංගු පානයක්.. නමුත් ඔබට වකුගඩු රෝගී තත්වයක් තිබෙනවානම් එලකිරි සම්බන්දයෙන් ටිකක් සැලකිලිමත් විය යුතුයි. මොකද අපි කලින් සදහන  කල පරිදි ඒවයේ පොටෑසියම් හා පොස්පරස් වැඩිපුර අඩංගු වීම නිසා වකුගඩු හරියට ක්‍රියාත්මක නොවන අවස්ථාවකදී එම ඛණිජ අහිතකර ආකාරයෙන් ශරීරයේ රැස් වෙන්න පුළුවන්.

වකුගඩු වලට අහිතකර පාන වර්ග මොනවාද?

කොකාකෝලා,ස්ප්‍රයිට් වැනි සෝඩා වර්ග.

සෝඩා වර්ග දිගින් දිගටම පානය කිරීම හේතුවෙන් අපේ වකුගඩු  වලට අහිතකරම රෝගී තත්වයන් දෙකක් වන අධි රුධිර පීඩනය හා දියවැඩියාව වැලදීමේ වැඩි හැකියාවක් පවතිනවා..

ඒ වගේම තමයි මෙම බීම වැල වැඩිපුර පොස්පරික් අම්ලය අඩංගු වීමත්, පොස්පරික් අම්ලය වගුඩු වලට අහිතකර වීමත් නිසා පුරුද්දක් විදියට දිගින් දිගටම මෙම බීම වර්ග පානය කිරීමනම් එචචචර හොද දෙයක් නෙවේ.

ශක්තිජනක පාන

ශක්තිජනක පාන වර්ග අයත් වෙන්නේ Ultra Processed Food කියන කාණ්ඩයට. ඒ නිසා එම බීම වල නිසි පෝෂක අඩංගු නොවීමත් සීනි, කැෆේන්, සෝඩියම්,පොස්පරස් වැනි දේවල් විශාල වශයෙන් අඩංගු වීමත් නිසා ශක්තිජනක පාන කිසිසේත්ම වකුගඩුවලට හිතකර වන්නේ නැහැ.

මධ්‍යසාර

මධ්‍යසාර පානය කිරීම මගින් අපේ සිරුර වජලනය වීමකට ලක්වෙනවා. එනිසා වකුගඩු එම තත්වය මගහැරගැනීමය වැඩ වශයෙන් වැඩ කිරීමට පයන් ගන්නවා. ඒනිසා දීර්ඝකාලීනව  මධ්‍යසාර පානය කිරීම වකුගඩු වල ක්‍රියාකාරීත්වය අහිමි වෙන්න ප්‍රධානතම හේතුවක්.

වකුගඩු වලට අමතරව  මධ්‍යසාර මගින් අධිරුධිර පීඩනය, අක්මාව රෝගී වීම වගේ තත්ව සුලබව ඇතිවෙනවා.

අධික සීනි ප්‍රමානයක් ඇති බීම වර්ග.

ඉතිං මේ විදියට අප ශරීරයට ලබාගන්නා පාන වර්ග නුවණක්කාරව තෝරාගැනීම ⁣අපෙ  සාමාන්‍ය සෞඛ්‍යයට වගේම අපේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයටත් සෘජු බලපෑමක් එල්ල කරන බව දැන් ඔබ⁣ට පැහැදිලි ඇති.

ඒ නිසා ඉහතින් සදහන  කරල තියෙන විස්තර අනුව අපට සුදුසු බීම වර්ග පමණක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන්න පුරුදු වෙමු. එමගින් සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ලබාගන්න අපිට පුළුවන්.

සටහන : මිතිලායා ගමගේ

(https://www.kidney.org/news-stories/healthy-hydration-your-kidneys-what-to-sip-and-what-to-skip) ඇසුරිණි.

About freddy

Check Also

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *