Breaking News

මේ දවස් වල උණත් එක්ක ඇඟපත රිදෙන්නේ හොඳකටද? නරකකටද???

මේ දවස් වල උණ හැදිලා එන හැමෝම වගේ කියන දෙයක් තමයි අනේ ඩොක්ටර්..
ඇග රිදෙනවා…
ජොයින්ට් රිදෙනවා…
කොන්ද රිදෙනවා…
කෙණ්ඩා රිදෙනවා…
කියන එක.

උණ හැදුනම ඇයි ඇග අතපය හන්දිපත් රිදෙන්නේ ?

මේක සුලබවම දකින්න අත්දකින්න පුලුවන් වෙන්නේ වයිරස් උණත් එක්ක..

ඩෙංගු ඉන්ෆ්ලුවන්සා පැපොල කොරෝනා වගේ ලෙඩ හැදුන අය දන්නවා ඇති කොහොමද ලෙඩේ ආවට පස්සේ ඇග අතපය රිදෙන්නේ කියලා…

විශේෂයෙන් මේ දවස් වල තියන චිකන්ගුන්‍ යා වයිරස් උණත් එක්ක ඒක ලොකුවටම කතා වෙනවා.මොකද චිකන්ගුන් යා එක්ක එන අතපය කැක්කුම අනෙක් හැම වයිරස් උණටම වඩා වැඩිබවක් පෙන්නන නිසා…

කොහොමද මෙහෙම උණත් එක්ක අතපය හන්දි කැක්කුම එන්නේ ?

මේකට අපි වෛද්‍ය විද්‍යාවේදි
Athralgia – සන්දි වේදනාව
Myalgia – මස්පිඩු වේදනාව
විදියට හදුන්වනවා…

වයිරස් එකක් අපේ ඇගට ඇතුල් වුනාට පස්සේ අපේ ශරීරයේ තියන ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩට බහිනවා.එයාලා තමයි අපේ ඇගේ ඉන්න හමුදාව.එහෙම නැත්නම් ආරක්ෂක අංශය..

මෙයාලගේ වැඩේ තමයි කොහොමහරි මේ වයිරස් එකට අපේ ඇග ඇතුලේ ගේමක් ගහලා අපට ලෙඩේ හදවන්න ඉඩ නොදෙන එක.ඊට කලින් විනාශ කරලා නැත්තටම නැති කරලා දාන එක..

ඉතින් ඔය වැඩේට සෛල වර්ග ගණනාවක් මැදිහත් වෙනවා.හරියට අපේ ආමි එක නේවි එක එයාර් ෆෝස් එක පොලිසිය වගේ.

වයිරස් එක ඇගට ආවට පස්සේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය Cytokine / සයිටෝකයින් කියන කෙමිකල් එක නිදහස් කරනවා.එයා තමයි එහාට මෙහාට දුවලා පැනලා මේ වයිරස් එක අඩපණ කරන වැඩේ බැලන්ස් කරන්නේ.

ඉතින් මේ සයිටොකයින් කියන කෙමිකල් එක ඒ වැඩේ කරන අතරතුරේ අපේ පටක වල සන්ධි වල ප්‍රදාහ තත්වයක් ඇති කරනවා.ඒ කියන්නේ inflammation එකක්..මෙන්න මේ නිසා අපේ මස්පිඩු සහ සන්ධි වල වේදනාව අපහසුතාව ඇතිවෙනවා..

සයිටොකයින් වගේම තව කෙමිකල් එකක් හදනවා prostaglandin / ප්‍රොස්ටාග්ලැන්ඩින් කියලා.මෙයත් සයිටොකයින් වගේම පටක සහ සන්ධි වල ප්‍රදාහ තත්වයක් ඇති කරනවා.ඉතින් ඒකත් හේතුවක් වෙනවා අපට කැක්කුම දැනෙන්න.

ඔය ඔක්කොම අතරේ වයිරස් එකේ තියන ප්‍රබලතාවය සහ එයාගේ වැඩ නිසාත් අපට මස්පිඩු සහ සන්ධි වේදනාව ගෙන එනවා..

මේකෙන් කියවෙන්නේ මොකද්ද ?

අපි ගාවට එන සමහරුන්ට උණ හැදුන එකටත් වඩා ප්‍රශ්නේ තියෙන්නේ ඇගපත අමාරුව..ඔව් ඒක අමාරුයි තමයි..

හැබැයි ඔය උණත් එක්ක ඇගපත අමාරු එනවා කියන්නේ හොද ලකුණක්.මොකද ඕකෙන් ඇගවෙන්නේ අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මේ වයිරස් එක අපේ ඇගෙන් විනාශ කරලා දාන්න අපේ ඇග ඇතුලේ ගජරාමෙට වැඩ කියන එක.

ඉතින් වයිරස් උණක් නම් දවස් පහක් හයක් හෝ සමහරවිට සතියක් දෙකක් යද්දි ඉබේටම ඔය ඇගපත අමාරුව හොදවෙලා යනවා.

ඉතින් මේක වෙනුවෙන් දෙන්න විශේෂ බෙහෙත් නෑ… ( බෙහෙත් තියෙනවා.නමුත් දෙන්න හොද නෑ )

✅ හොදට රෙස්ට් කරන්න
✅ හොදට වතුර බොන්න
✅ පැරසිටමෝල් වෙලාවට ගන්න

මේ ටික කලාම ඇති..

මේකට NSAID කියන වේදනා නාශක වර්ගය සමහර අය ගන්නවා.ඉල්ලනවා.ඒක නම් කරන්න හොදම නැති වැඩක්.

මොකද ඩෙංගු වගේ රෝගයකදි මේ බෙහෙත් ගත්ත නිසා රෝගය නරක පැත්තට යන්නත් හේතුවක් වෙන්න පුලුවන්.ඒ නිසා කවදාවත් වෛද්‍යවරයෙක්ගේ නියමයක් නැතිව උණ හැදුනම වේදනා නාශක ගන්න හදන්න එපා..

doctornalin , Facebook පිටුවෙනි.

About freddy

Check Also

මේ දවස්වල හොයාගන්නත් අමාරු AVF Needle කියන්නේ මොකක්ද??

මේ දිනවල දැඩි කතා බහට ලක්වී ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද දෙයක් තමයි AVF Needle කියන්නේ. …