
මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.
පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව.
සාමාන්‍යයෙන් අවයව බද්ධ කරපු සෑම කෙනෙක්ම දන්නවා ශල්‍යකර්මයට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අපි දැඩි අවදානයෙන් සිටිය යුතුයි කියල.ශළ්‍යකර්මය කරන්න සූදානමින් සිටිනවිට හෝ ඉන් පසු දත් නරක්වීම වගේ තත්වයක් කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ තත්වයක්.ඒකට හේතුව තමයි දතක් නරක්වුනොත් ඒ හරහා ශරීරගතවන විශබීජ නිසා අපේ ජිවීතය පවා නැති වෙන්න පුළුවන්.මොකද ඒ විශබීජ ආසාදනය නිසා අපි බද්ධ කල වකුගඩුව අපේ ශරීරයෙන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.
මේ කථාව එවැනි සිදුවීමක් ගැන.
මාගේ මිතුරෙකුගේ හිතවත් පුද්ගලයෙකු මින් ටික කාලයකට පෙර වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකර තිබෙනවා.ශල්‍යකර්මයට පෙර ඔහුගේ මුඛය පරික්ෂා කලත් දත් නරක් වීමක් තිබිල නැහැ.
නමුත් වකුගඩු බද්ධ කිරීමෙන් මාස 5ක් ගතවන තැන ඔහුගේ දතේ වේදනාවක ඇති වෙලා තියෙනවා.ඒ ගැන වැඩි අවදානයක් යොමු නොකරපු ඔහු පවුලේ අයට දන්වා ඇත්තේ දත ගලවමු කියලයි.
(වකුගඩු බද්ධ කල කෙනෙක්නම් ඔබ දන්නා කරුණක් තමයි බද්ධ කිරීමෙන් පසු පලමු මාස 6 කියන්නේ අපි උපරිමයෙන් ප්‍රවේශම් වියයුතු කාලයක්. ඒ සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ උපදෙස් නිවැරදි ලෙස පිලිපැදිය යුතුයි.)
දැන් අපේ මේ කථානායක තුමා ඔහුගේ පවුලේ අයව දැනුවත් කරායින් පස්සේ ඔවුන් ඔහුගේ වකුගඩු බද්ධ කල සායනයේ වෛද්‍යවරුන්ගේද උපදෙස් ලබානොගෙන දන්ත වෛද්‍යවරයෙකු හමුවී මෙම පුද්ගලයාගේ දත ගැලවීමට තීරණය කර තිබෙනවා. (මෙම පිරිස විසින් අදාල දන්ත වෛද්‍යවරයාට මෙම රෝගියා අවයව බද්ධ කිරීමක් කල පුද්ගලයෙකු බව දැනුම් දුන්නාද නැද්ද කියලනම් හරියටම දන්නේ නැහැ.)
දත ගැලවීමන් පස්සේ සාමාන්‍යයෙන් එම වෛද්‍යවරයා විසින් ප්‍රතිජීවක ඖෂධ හා වේදනාශක ලබාදෙනවා. තවමත් අවයව බද්ධ කිරීමෙන් මාස 6ක් වත් සම්පූර්ණ නොවූ මෙම පුද්ගලයාට දත් ගැලීමෙන් දින දෙකකට පස්සේ ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බව තෙරුම් ගිහින් තිබෙනවා. පසුව පවුලේ අය දැනුවත් කලායින් පසු ඒ අය විසින් ඔවුන්ගේ වෛද්‍යවරයා හමුවන අතර එහිදී සිදුකල පරීක්ෂන වලින් පස්සේ දත් ගැලවීම හේතුවෙන් විශබීජ ආසාදනයක් සිදුව ඇති බව සොයාගන්නා නමුත් තත්වය ඒ වන විටත් දරුණු වී තිබීම නිසා වෛද්‍යවරුන් කොපමණ උත්සහ කලත් මෙම පුද්ගලයාගේ ජීවිතය අහිමි වනවා.
දැන් මේ ලිපියෙන් කියැවෙන්නේ අවයව බද්ධ කිරීමකින් පස්සේ කිසිමදාක දතක් ගලවන්න බැහැ කියන එක් නෙවෙයි.මේ කතාවෙන් අපි ඔබට කියන්න උත්සහ කරන්නේ අවයව බද්ධ කිරීමකින් පස්සේ එවැනි දේ කරන විට අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් පිලිපදින ලෙසටයි.
ඒ වාගේම අවයව බද්ධ කිරීමකින් පසු මුල් මාස 6 ඉතාමත් තීරණාත්මකයි. ඒ නිසාම වඩා වැඩි පරිස්සමක් ඒ මාස කිහිපය තුල තිබිය යුතුයිමයි.
kidneyinfolk To educate people on kidney related issues.