මේ වන විට ලෝකය පුරා බිලියන ගණනක පිරිසක් නිදන්ගත වකුගඩු රෝගී තත්වයන්ගෙන් හා ඒ ආශ්‍රීත විවිධ රෝගී තත්වයන්ගෙන් පීඩා විදිමින් සිටිනවා.නමුත් මේ වන තෙක් වකගඩු රෝගයට එක් හේතුවක් ඉදිරිපත් කිරීමට කිසිවෙකුට හැකිවී නැහැ.ඒ ඇත්තෙන්ම වකුගඩු රෝගය මේ හේතුව නිසා ඇති වන බව යැයි පැවසීමට එක් හේතුවක් නොමැති නිසයි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේත් මේ වන විට වකුගඩු රෝගය විශාල ප්‍රශ්නයක් වී අවසන්. ඇමරිකාවේ පමණක් මේ වන විට වකුගඩු රෝගීන් මිලියන 30ක් පමණ සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථාකරන්නේ.
අපි දැන් මේ කථාකරන්න යන්නේ වකුගඩු රෝගය පරාජය කල ලොව ජනප්‍රිය පුද්ගලන් තිදෙනෙකු ගැනයි. එමගින් වකුගඩු රෝගය ඕනෑම කෙනෙකුට වැලදිය හැකි රෝගයක් බව ඔප්පු වෙනවා.
- සෙලීනා ගෝමස් – නිළියක් මෙන්ම සම්මානනීය ගායිකාවක්.
ඇය ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වූවත් ඇයට ඇය විසින් භාරගත් සංගීත ප්‍රසංග අවංලගු කර ඇයගේ සෞඛ්‍යට මුල් තැන දීමට සිදුවුන කාලයක් තිබුණා. එයට ප්‍රධානතම හේතුව වූයේ ඇය කාලයක් තිස්සේ ලූපස් නැමැති ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝගී තත්වයකින් පීඩා විදීමයි. කාලයත් සමග එම රෝගී තත්වය ඇයගේ වකුගඩු වලට බලපෑම් සිදුකිරීමට පටන් ගත්තා.ඒ නිසාම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් වෙත යොමුවීට ඇයට සිදුවුණා.ඇයගේ ශල්‍යකර්මයට අවශ්‍ය වකුගඩුව ඇය වෙත ලබාදෙන්නේ ඇයගේ හොදම මිතුරියක් විසිනුයි.මේ වන විට ඇය එම ශල්‍යකර්මයෙන් පසු සුවය ලබා තමන්ගේ සුපුරුදු සංගීත කටයුතු වල හා අනෙකුත් කාර්යයන් වල නිරත වනවා. - සාරා හයිලන්ඩ් – සම්මානනීය නිළියක්
ඇය කුඩා කාලයේදී ඒ කියන්නේ ඇය මවගේ ගර්භාෂයේ සිටින අවදියේචී ඇයගේ වකුගඩු නියමිත ආකාරයෙන් නොවැඩීමේ රෝගයකින් පීඩා විද තිබෙනවා. ඒ නිසා වසර 2012දී ඇය වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක්වෙනවා.ඇයට වකුගඩුව ලබාදෙන්නේ ඇයගේම පියා විසින්.
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකලත් ජීවිතකාලය පුරාම පරිස්සම් වෙන්න ඕනා කියල අපි සැහ දෙනාම වාගේ දන්නා දෙයක්. ඒ නිසාම සාරා මේ වන විට ඇයගේ රෝගී තත්වය පිලිබදව ඇය ප්‍රසිද්ධියේ කථා කිරීමට පටන් ගෙන තිබෙනවා. ඇය පවසන්නේ ආහාර පාලනය,මානසීකව මෙන්ම ශාරීරිකවත් ශක්තිමත් වීම,මේ සටන ජයගැනීමට මහත් පිටිවහලක් වන බවයි. - හැලී බෙරී – ඔස්කාර් සම්මානලාභී නිළියක්
ඇයට වයස අවුරුදු 19ක් වන විට ඇය දියවැඩියාව තත්වයෙන් පීඩාවිදින බව වෛද්‍යවරුන් විසින් සොයාගන්නවා. නමුත් ඒ කිසිම හේතුවක් ඇයගේ තාරකා විදයාක්ෂේත්‍රයේ සාර්ථකත්වය වාගේම ඔස්කාර් සම්මානනීය නිලියක් වීම නවතාදමන්නවත් ප්‍රමාණවත් වූයේ නැහැ.දියවැඩියා තත්වය හේතුවෙන් ඇයගේ වකුගඩු රෝගී වූවත් ඇය වෙනත් ක්ෂේත්‍රවල ඉදිරියට යාමට දක්වන කැපවීම හා සූදානම් වීම ඇයගේ රෝගී තත්වයටත් දැක්වීම නිසා මේ වන විට ඇය ඇය ඉදිරිපත් වන සෑම ක්ෂේත්‍රයකම සාර්ථකත්වයක් ලබා ඇති සේම තමන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමටත් ඇය සමත්වී තිබෙනවා.