Breaking News

වකුගඩු රෝගීන් බහුලව වාර්ථා වන්නේ වියළි කලාපයෙන්..

වකුගඩු රෝගය කියන්නේ දැන් හැමදෙනාම දන්න රෝගයක්. මේ රෝගය පිලිබද අවධානය යොමුවූ මුල් අවධියේදී අපට මේ රෝගය වාර්ථා වූයේ උතුරු මැද පළාතෙන් පමණයි. නමුත් මේ වන විට වකුගඩු රෝගය උතුරට මෙන්ම දකුණටත් එකසේ ව්‍යාප්ත වී අවසන්.වාර්ථාවන්ට අනුව වකුගඩු රෝගය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ දිවයිනේ වියළි කාලාපයේයි.

විවිධාකාරයේ හේතූන් නිසා කිසිදු වයස් භේදයකින් තොරව රටපුරාම මේ රෝගය මේ වන විට ව්‍යාප්ත වී අවසන්. භුමි ප්‍රමාණයක් ලෙස ගත් කල මෙරට භූමි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 17,000ක්ට වැඩි ප්‍රමාණයක මෙම රෝගය මේ වන විට ව්‍යාප්ත වී තිබෙනවා.

මේ වන විට මෙරටින් වාර්ථා වී ඇති ලක්ෂ ගණනක් වූ වකුගඩු රෝගීන්ගෙන් 0.1%ක් වයස අවරුදු 20කට අඩු රෝගීන් වන අතර එම ප්‍රමාණයෙන් 70%ක් වයස අවුරුදු 49 – 70ත් අතර රෝගීන් බවයි වාර්ථා පෙන්වා දෙන්නේ. ඒ අතරම වකුගඩු රෝගීන්ගේන 70%ක් පුරුෂ පක්ෂ්‍ය වන අතර 30%ක් පමණ කාන්තාවන් වනවා.

කෙසේ හෝ මේ වන විට කිසිදු භේදයකින් තොරව වාර්ථාවන මෙම රෝගය වැලදීමෙන් ආරක්ෂා වීමටනම් නිවැරදි සෞඛ්‍ය පුරුදු එදිනෙදා ජීවිතයේදී ක්‍රියාවට නැංවීම අනිවාර්‍ය වනවා. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම,දියවැඩියව හා අධිරුධිර පීඩනය පාලනය,පිරිසිදු ජිවන රථාවක් පවත්වා ගැනීම මගින් විවිධාකාරයේ ආසාදන වලින් ආරක්ෂා වීම ඉන් ප්‍රධානයි.

23231387_358069837954236_147286460574161637_n ඡායාරූපය – ෆේස්බුක් මගින් උපුටාගත්තකි.

About freddy

Check Also

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක …