වකගඩු බද්ධ කිරීමකින් පසුව (වෙනත් අවයව බද්ධ කිරීමකින් පසුද) අප ගන්න ඖෂධ මගින් අපගේ ප්‍රතිශක්තිකරණය හීන කිරීම හේතුවෙන් නිරන්තරයෙන් විශබීජ ආසාදන වලට ගොදුරු වීමේ හැකියාව වැඩිවේ. ඒ හේතුවෙන් අවයව බද්ධ කිරීමක් කල පුද්ගලයන් සිය ජීවිත කාලය පුරාම විශබීජ වලින් ආරක්ෂා වීම සදහා සිය වැඩි අවදානයක් යොමු කිරීම අනිවාර්ය වෙයි. යම් හෙතුවක් මත වකුගඩු බද්ධ කිරීමකින් පසු නියුමෝනියා තත්වය ඇතිවුවහොත් ඔබගේ ක්‍රියටිනින් අගය වේගයෙන් ඉහළ යෑම සිදුවන අතර නිසි ප්‍රතිකාර සිදු නොවුන හොත් බද්ධ කලවකුගඩුව ප්‍රතික්ෂේප වීමටද පුළුවන්.