ලෝක වකුගඩු දිනය හෙටයි

සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු මාසයේ දෙවන බ්‍රහස්පතින්දා දිනයට ලෝක වකුගඩු දිනය යෙදෙන අතර ඒ අනුව මේ වසරේ එය යෙදී ඇත්තේ මාර්තු මස 08 වනදාටය.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් සංවිධානය කරනු ලබන “ලෝක වකුගඩු දිනය“ සැමරීමේ උත්සවය හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත.

එලෙසම හෙට දිනයට ලෝක කාන්තා දිනයද යෙදී තිබීම හේතුවෙන් කාන්තා සෞඛ්‍ය හා වකුගඩු රෝගය මූලික කරගනිමින් ලෝකය පුරා වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිතය.

About freddy

Check Also

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ …