Breaking News

ලෝක වකුගඩු දිනය හෙටයි

සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු මාසයේ දෙවන බ්‍රහස්පතින්දා දිනයට ලෝක වකුගඩු දිනය යෙදෙන අතර ඒ අනුව මේ වසරේ එය යෙදී ඇත්තේ මාර්තු මස 08 වනදාටය.

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් සංවිධානය කරනු ලබන “ලෝක වකුගඩු දිනය“ සැමරීමේ උත්සවය හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත.

එලෙසම හෙට දිනයට ලෝක කාන්තා දිනයද යෙදී තිබීම හේතුවෙන් කාන්තා සෞඛ්‍ය හා වකුගඩු රෝගය මූලික කරගනිමින් ලෝකය පුරා වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිතය.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …