කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් ජල මූලාශ්‍රයන්ට බහුල වශයෙන් එකතුවන පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍යයන් හේතුවෙන් ජල මූලාශ්‍රවල තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පහත වැටී ඇති අතර, මේ තත්ත්වය මිනිසා ඇතුළු සියළුම ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස බලපා ඇත.
එසේම එම තත්වය දැනට ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල දක්නට ලැබෙන හේතුව පැහැදිලිව හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහාද ජු ලෙස බලපා ඇත.
ඒ හේතුවෙන් මෙම තත්ත්වයට පිළියමක් ලෙස ජල මූලාශ්‍රයන්හි තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම මඟින් ජල දූෂණය සඳහා හේතුවන සාධක හඳුනා ගැනීමේ දැඩි අවශ්‍යාතාවයක් මතුවී ඇත.
මෙවැනි අවශ්‍යතාවයන් සපුරා ගැනීම සදහා ‘රට අභ්‍යන්තර ජල මූලාශ්‍රයන්හි ජලයේ ගුණාත්මක තත්ත්වය පසු විපරම් කිරීමේ ව්‍යාපෘතිය’ 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් ක්‍රියාත්මක කිරීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිවිය. ඒ සදහා දැරීමට බලාපොරොත්තු වන පිරිවැය රුපියල් මිලියන 44.9ක් වන අතර මෙම ව්‍යාෘතිය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.