ශ්‍රීලංකාව රුබෙල්ලා රෝගයෙන් තුරන් වූ රටක් ලෙස නම් කෙරේ.

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයතීරණය කර ඇත. ඒ අනුව ඊට අදාල සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමීම  අද සිදුවිය.

ශ්‍රී ලංකාව 2015 වසරේ දී මැලේරියා රෝගයෙන් තුරන් වූ රටක් බවට පත්වූ අතර, 2016 වසරේ දී බරවා රෝගයෙන්ද  2017 වසරේ දී මවගෙන් දරුවාට බෝවන නවජන්ම පිටගැස්ම රෝගයෙන් ද තුරන් වූ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කල අතර  අද දිනයේදී රුබෙල්ලා රෝගයෙන් මිදුනු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට සෞඛ්‍ය සංවිධානය කටයුතු කලේය.  

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …