කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය සහ උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය ඒකකයන්හි ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 70කට අධික වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ කීපයක් රෝහල වෙත පරිත්‍යාග කිරීම රෝහල් පරිශ්‍රයේදී පසුගියදා (07) සිදුකෙරිණි.
ජාතික රෝහලේ ‘රෝහල් සේවා මණ්ඩලයේ’ අධ්යක්ෂ ශ්රාස්ත්රපති රජවැල්ලේ සුභූති හිමියන්ගේ සම්බන්ධීකරණය යටතේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ සඳහා අනුග්‍රහය දක්වා තිබේ.
වෛද්‍ය උපකරණ රෝහල වෙත භාර ගැනීම සඳහා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ,කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ,ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජගත් රතුගම, උගුර, කන, නාසය පිළිබඳ ශල්‍ය විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය යන මහත්ම මහත්මීන් ද පරිත්‍යාගශීලීන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ජීව විද්‍යා ඉංජිනේරු කේ.ජයනන්ද මහතා ඇතුළු රෝහල් සේවා මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දක්වමින් රජවැල්ලේ සුභූති හිමියන් කියා සිටියේ අසරණ රෝගීන් වෙනුවෙන් සිදු කෙරෙන මෙවැනි උතුම් පිංකම් වෙනුවෙන් හැකි සෑම කෙනෙකුම දායක වන්නේ නම් එය ඉතා අගය කොට සලකන බවයි.
( ඡායාරූප සහ වීඩියෝ – රොමේෂ් ධනුෂ්ක සිල්වා -www.lankadeepa.lk)