වකුගඩු බද්ධ කල රෝගීන්ට දෙන ඖෂධ වල හිගයක්

මේ වන විට වකුගඩු බද්ධ කල රෝගීන්ට ලබාදෙන celcept එහෙමත් නැතිනම්  MMF යන ඖෂධයේ 250mg ඖෂධයේ හිගයක් රෝහල්තුල ඇති බව වාර්තා වෙයි. පසුගිය සතියේද මෙම ඖෂධ හිගය මේ ලෙසින්ම පැවැති අතර මේ වන අද(19) වනතෙක් ඖෂධ තොග රෝහල් වෙත ලැබී තිබුණේ නැත.

පසුගිය වසර කිහිපයක සිටම රජය විසින් වකුගඩු බද්ධ කල රෝගීන්ට අවශ්‍ය කරන ප්‍රධානතම ඖෂධ ත්‍රිත්වයක් වන celcept,cyclosporin හා Tacrolimus නොමිලේ ලාබාදීම සිදුවිය. මාසික සායන අවස්ථාවන් වලදී මාසයකට සරිලන ලෙස මෙම ඖෂධ රෝගීන්ට නොමිලේ ලබාදීම සිදුවූ අතර මෙම ඖෂධ පිටත ෆාමසි වලින් ලබාගැනීමට රෝගීන්ට සිදුවුයේ නම් ඉතා අධික මිලක් වියදම් වන බව අත්දැකීමෙන් දනිමි.

මේ වන විට හිග වී ඇත්තේ වකුගඩු බද්ධ කල රෝගීන්ට ලබාදෙන celcept නැමැති ඖෂධයයි. පසුගිය සතියේ මා රෝහල වෙත ගිය අතර ඒ අවස්තාවේදීද මෙම ඖෂධ හිගය පැවති අතර අද දිනයේද තත්වය එසේම විය.

ඒ හේතුවෙන් මා හට මෙම ඖෂධය පිටත ෆාමසියක් මගින් ලබාගතයුතු විය. පසුගිය සතියේ මා එම ඖධෂයෙන් කරල් 9ක් පමණක් මිලදී ගත් අතර ඒ සදහා රු.1196ක මුදලක් මා හට වැයවිය.ඒ අනුව එක් කරලක මිල රු.132.88ක් විය.
මේ සතියේදී මා ඒ ඖෂධය එම ෆාමසියෙන්ම එම Brand එකෙන්ම කරල් 20ක් මිලදී ගත් අතර ඒ සදහා මා හට රු.2908ක් වැයවිය.ඒ අනුව සතියක් ඇතුලත එම ඖෂධයේ මිල රු.132.8 සිට රු.145.40 ක් දක්වා වැඩිවී තිබිණි.

නව මිලට අනුව celcept 250mg දිනකට දෙවරක් (උදේ සහ රාත්‍රී වශයෙන් ) ලබාගන්නා රෝගියෙකුට මෙම ඖෂධයට පමණක් මාසයකට රු.4362.00 ක් වියදම් කල යුතුය.

 

අද දිනයේ මා ලබාගත් ඖෂධ සදහා ලබාදුන් බිල් පත

celcept ඖෂධයට අමතරව cyclosporine නම් ඖෂධයද මේ වන විට හිගවී ඇති බව දැනගන්නට ඇත. මේ ආකාරයෙන් ඖෂධ හිගවීම ඇත්තෙන්ම වහා විසදිය යුතු ගැටළුවකි.

මේ ආකාරයෙන් ඖෂධ හිග තත්වයක් ඇති වීමට රට තුල පැවැති දේශපාලන අස්ථාවර තත්වය බලෑපමක් ඇති කරන්නට ඇති බව මාගේ මතය වන අතර මාගේ මතය නිවැරදිනම් මේ දේශපාලන කුමන්ත්‍රණකරුවන් විසින් දුප්පත් රෝගී ජීවිත දහස් ගණනක් මේ වන විට අනතුරේ හෙලා ඇත.

එම නිසා මේ වන විට දේශපාලන තත්වය ස්ථාවර වී ඇති බැවින් හැකි ඉක්මණනින් රෝහල් වෙත අවශ්‍ය ඖෂධ තොග ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

(මා මේ ලිපිය ලියන්නේ ජයවර්ධනපුර රෝහලේදී මා ලැබූ පුද්ගලික අත්දැකීම අනුව වන අතර මේ තත්වය හේතුවෙන් මා හිතවත් තවත් රෝගීන් අසරණ වන ආකාරය සියැසින්ම දැක දැඩි කනස්සල්ට පත්ව සිටිමි. )

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …