Breaking News

මොළය මියගිය රෝගීන්ගේ අවයව රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතියට අත්සන් තැබේ

හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, රෝගීන්ට බද්ධ කිරීමේ ව්‍යාපෘතිය  සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (09)  දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු විය.

මෙම ගිවිසුමට අත්දන් තැබීම සිදුවූයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා ගුවන් හමුදාව අතරය. ඒ අනුව මෙම ගිවිසුම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අත්සන් තැබීය.

මින් පෙර මහනුවර මහ රෝහල හා සම්බන්ද වෙමින් හිදිසි අනතුරු මගින් මොළය මිය ගිය රෝගීන්ගේ වකුගඩු අවශ්‍ය වෙනත් රෝගීන්ට බද්ධ කිරීම ක්‍රියාත්මක විය. නමුත් මෙම ව්‍යපෘතිය මගින් වකුගඩු පමණක් නොව හෘදය, අක්මාව, අගන්‍යාසය, ඇස් හා පටක ඇතුළු අවයව කොටස් බද්ධකිරීමේ කටයුතු ද සිදුකිරීම ආරම්භ කෙරේ.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …