වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝග සහන සත්කාර හා සුභසාධක මධ්‍යස්ථානය ඊයේ (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මහනුවරදී විවෘත විය. මහල් 6කින් සමන්විත මෙම මධ්‍යස්ථානය මහනුවර මහ රෝහලට අනුබද්ධිත මධ්‍යස්ථානයක් වන අතර වකුගඩු රෝගීන්ට මෙන්ම රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන්ටද අවශ්‍ය කරන සහන හා සුභසාදන කටයුතු මෙම මධ්‍යස්ථානය මගින් සිදුකෙරේ.
මේ සදහා දරා ඇති පිරිවැය රුපියල් 628කි. එම මුදල ජාතික වකුගඩු අරමුදල මගින් සපයා තිබීමද විශේෂත්වයකි.
මෙම මධ්‍යස්ථානය සතුව සියළුම පහසුකම් වලින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක් ( Dialysis Unit)රෝගීන්ට අවශ්‍ය නේවාසික වෛද්‍ය පහසුකම්,රෝගීන්ගේ රෝගී තත්වයට ගැලපෙන ආහාර සැපයුමක් වැනි පහසුකම් රැසකින් සමන්විතය.