කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණයට විය හැකිදැයි සැකයක්

චීන ජාතික පර්යේෂකයන් සිදුකරන ලද පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකිය යන්න පිළිබදව සැකයක් පලවී ඇත. මෙම සැකය ඇතිවී ඇත්තේ එම පර්යේෂකයන් විසින් කොවිඩ්19 වෛරසය ආසාදනය වූ පුරුෂයන් 38 දෙනෙකු යොදාගෙන කල පරීක්ෂණයකදී එම පුරුෂයන් අතුරින් 6 දෙනෙකුගේ ශුක්‍ර තරලයේ කොව්ඩ්19 වෛරසය හමුවීම හේතුවෙනුයි.

නමුත් තවමත් මෙම පරීක්ෂණය ප්‍රාථමික මට්ටමේ පැවතීම හේතුවෙන් ඒ සම්බන්දයෙන් නිෂ්චිතව යමක් ප්‍රකාශ කල නොහැකි බවත් තවදුරටත් ඒ සම්බන්දයෙන් පරීක්ෂණ සිදුකල යුතු බවත් එම පර්යේෂකයන් පවසයි. ඒ අනුව විශේෂයෙන් ශුක්‍ර තරලය තුල වෛරස් සාන්ද්‍රණය,වෛරසය ජීවීව පවතින කාලය වැනි දත්ත සම්බන්දයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකල යුතු බව ඔවුන් පවසයි.

කෙසේ වෙතත් යම් හෙයකින් කොරෝනා වෛරසය ලිංගික සම්ප්‍රේෂණයක් සිදුකරනබව තහවුරු වුවහොත් එය පාලනය කිරීම තවදුරටත් අපහසු කාර්යයක් වනු ඇති බව විශේෂඥයින්ගේ මතය වී ඇත.

About freddy

Check Also

2024 ලෝක වකුගඩු දිනය : වකුගඩු දන්දීමේ වැදගත්කම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීමත් සමඟ ඇති වන රෝගී තත්වයන් මේ වන විට ලොව පුරා …