කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

එලෙස ශල්‍යකර්ම නවතා දැමීමට හේතු වී ඇත්තේ ලේසර් ප‍්‍රතිකාර සඳහා භාවිත කරන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සියල්ල කල් ඉකුත් වීම බවයි සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ.

වකුගඩුවල ඇතිපවන ගල් ඉවත් කිරීම සදහා යොදාගන්නා ප්‍රතිකා⁣ර ක්‍රම අතරින් ලේසර් කිරණ භාවිත කරමින් එම ගල් පුලුස්සා දැමීම පහසු හා කඩිනම් ශල්‍යකර්ම ක‍්‍රමයක් වන බවත් එ  සදහාම විශේෂිත වූ ආරක්ෂිත ඇදුම් කට්ට්ල එහිදී භාවිතා කල යුතු බවත්, මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහල සතුවපඇති එම ඇදුම කට්ටල සියල්ල කල් ඉකුත්වී ඇති බැවින් රෝහල් කාර්යමණ්ඩලය ඒවා භාවිතා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්  මෙසේ ලේසර් ප්‍රතිකාර නවතා දමා ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ උප සභාපති සංජීව මුණසිංහ මහතා පවසයි.

මෙම ලේසර් ප්‍රතිකාරය ලබාගැනීම සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත අවට ප්‍රදේශවලින් රෝගීන් විශාල පිරිසක් පැමිණෙන බවත් දිනකට රෝගීන් 6දෙනෙකුට පමණ මෙම ක්‍රමය හරහා ප්‍රතිකාර කිරීමේ පහසුකම් රෝහල සතුව පැවතියත් මෙම තත්වයට පිලියමත් යෙදීමට බලධාරින් අපොහොසත් වීමෙන් රෝගීන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බව ද මුණසිංහ මහතා පවසයි.

About freddy

Check Also

පොලොන්නරුව වකුගඩු රෝහලේ බේත් හිඟය නිසා ජිවිත අනතුරේ ?

පොලොන්නරුව රෝහලේ නේවාසිකව විශාල පිරිසක් ප්‍රතිකාර ලබති. එමෙන්ම දෛනික සායනවලට ද විශාල පිරිසක් පැමිණෙති. මෙම …