Breaking News

මොකක්ද මේ වකුගඩු රෝගය…

වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ නමුත් නිසි ප්‍රතිකාර නොකලොත් මරණය ගෙන දෙන රෝගයක්.ඉතිං අපි අද කතා කරමු මොකක්ද මේ වකුගඩු රෝගය කියන්නේ කියල..
මුලින්ම අපි බලමු වකුගඩු කියන්නේ මොකක්ද කියල. වකුගඩු කියන්නේ අපිට තියෙන විශේෂ අවයවයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට වකුගඩු දෙකක් තියෙනවා.වකුගඩු පිහිටල තියෙන්නේ අපේ කොදුඇට පෙල දෙපැත්තට වෙන්න අපේ උරස් කුහරයට පහලින්.ප්‍රමාණය ගත්තොත් සාමාන්‍යයෙන් අපේ අත මිටමොලවපු අවස්ථාවක අතේ සයිස් එක තමයි වකුගඩුවක ප්‍රමාණය කියල කියන්න පුළුවන්. මේ වකුගඩු දෙකෙන් තමයි අපේ ශරීරයේ වැදගත් කාර්යයන් බොහෝමයක් සිද්ද වෙන්නේ.

වකුගඩු ක්‍රියාකරන්නේ කොහොමද?

වකුගඩු වල ක්‍රියාකාරී ඒකකය වෙන්නේ වෘක්කානුවයි( Nephron).මෙ විදියට සිය කාර්යය ඉටුකරන වෘක්කානු මිලියන ගණනක් අපේ වකුගඩු වල තියෙනවා. මෙම වෘක්කානු වලින් අපේ රුධිරය නිරන්තරයෙන්ම පෙරීමකට ලක්වෙනවා. එම පෙරීමේදී රුධිරයේ අඩංගු විශ ද්‍රව්‍ය වගේම අතිරික්ත ජල ප්‍රමාණයක් රුධිරයෙන් ඉවත් කරල මුත්‍රා වලින් ශරීරයෙන් ඉවත් කිරීම සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් විශාල වැඩ ප්‍රමාණයක් අපේ වකුගඩු වලින් කරනවා.

  • ශරීරයේ ඇති තරල ප්‍රමාණය පාලනය කිරීම හා අවශ්‍යය හෝමෝන නිපදවීම මඟින් රුධිර පීඩනය පාලනය කිරීම
  • සෝඩියම්,පොටෑසියම් වවැනි ඛනිජලවණ යාමනය කිරීම
  • අස්ථිවල ශක්තිමක් බව සඳහා විටමින් D සක්‍රීය කිරීම
  • රතු රධිර සෛල නිපදවීමට වැදගත් වන එරිත්‍රොපොයිටීන් හෝමොනය නිපදවීම

මේ වගේ කාර්යයන් රැසක් වකුගඩු මගින් ඉටුකරනවා. ඒ කියන්නේ යම් ආකාරයකින් වකුගඩු රෝගී වුවහොත් අපේ ශරීරයේ සියලු පද්ධතීන් වලට සෘජු බලපෑමක් එල්ල වෙනවා.

වකුගඩු රෝගය  කියන්නේ මොකක්ද?

වකුගඩු ලෙඩ වෙනව කියන්නේ බරපතල තත්වයක්.මෙහිදී සිදුවෙන්නේ වකුගඩු වලට සිදුවන හානි නිසා ඒවල සාමාන්‍යය කාර්යයන් කිරීමට වකුගඩු අපොහොසත් වීමයි.

වකුගඩු රෝගයේ අවස්තා දෙකක් හදුනාගෙන තියෙනවා.

  • Chronic Kidney Disease – මාස තුනක් හො  ඊට වැඩි කාලයක් පවතින වකුගඩු අකර්මන්‍යවීම.මේ තත්වයේදී වකුගඩු වලට ක්‍රමක්‍රමයෙන් හානි වීම සිදුවේ.
  • Acute Kidney disease – මෙම තත්වය කුමන හෝ හේතුවක් මත ඇතිවන බොහෝවිට තවාකාලික හා නැවතත් වකුගඩු වල ක්‍රියාකාරීත්වය යතාතත්වයට පැමිණවිය හැකි තත්වයක්

වකුගඩු රෝගී වීමේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ වකුගඩුවල වකුගඩුවලින් රුධිරය පෙරීමේ අනුපාතය, Glomerular Filtration Rate (GFR) අඩු වීමයි.මෙම අනුපාතයෙන් තමයි අපේ වකුගඩු කෙතරම් කාර්යක්ෂමතාවයකින් රුධිරය පෙරීමකට ලක් කරනවද කියල කියවෙන්නේ. සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ මෙම GFR අගය 90ක් හෝ ඊට වැඩි අගයක් ගන්නවා. වකුගඩු රෝගය ක්‍රමක්‍රමයෙන් වැඩිවීමත් සමග මෙම අගය අඩු වීම සිදුවෙනවා.එයින් කියවෙන්නේ වකුගඩුවල ක්‍රියාකාරී තත්වයේ පවතින වෘක්කානු  අඩුවෙමින් වකුගඩුවල පෙරීමේ හැකියාව අඩුවෙමින් පවතින බවයි.

Source – https://www.kidneyfund.org/all-about-kidneys/stages-kidney-disease

වකුගඩු රෝගයේ මුල්කාලයේදී කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවී සාමාන්‍ය පරිදි සෞඛ්‍ය තත්වය පවත්වා ගැනීමට ප්‍රමාණවත් වන ලෙස වකුගඩු ක්‍රියාත්මක වීම සිදුවෙනවා.කාලයත් සමඟ වකුගඩු නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා අහිතකර විශ ද්‍රව්‍ය නොපෙරී රුධිරයේ ඉතිරීවීමෙන්, අහිතකාර ප්‍රමාණවලින් තරල ශරීරාය් රැස්වීම පටන් ගැනීමනිසාත්, වකුගඩු මගින් සිදුවන නියාමන ක්‍රියාවලීන් නිසි පරිදි සිදුනොවීම නිසාත් ශරීරයේ විවිධ වෙනස්කම් මගින් වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ වනවා. අවසානයේදී වකුගඩු ක්‍රියාවිරහිත වී ශරීරයේ ක්‍රියාකාරීත්වයට වකුගඩුවලින් සිදුකරන ලද දායකත්වය අහිමි වූ විට අපිට වකඅගඩඅ බද්ධ කිරීමකට හෝ ඩයලයිසිස් ප්‍රතිකාරයට යොමු වීමට සිදුවනවා.

ඉතින් මේකට තමයි වකුගඩු රෝගය කියල කියන්නේ. වෛද්‍යවිද්‍යාවේදී වකුගඩු රෝගයේ අවධීන් කිහිපයක් හදුනාගෙන ඒ ඒ අවධීන් වලදි වකුගඩු වල ක්‍රියාකාරීත්වයේ මට්ටම් ගැනත් සඳහන් කර තිබෙනවා. ඒ අවදීන් ගැන අපි තවත් ලිපියකින් කතා කතා කරමු

About freddy

Check Also

මේ දවස් වල උණත් එක්ක ඇඟපත රිදෙන්නේ හොඳකටද? නරකකටද???

මේ දවස් වල උණ හැදිලා එන හැමෝම වගේ කියන දෙයක් තමයි අනේ ඩොක්ටර්..ඇග රිදෙනවා…ජොයින්ට් රිදෙනවා…කොන්ද …