සාර්ථක හදවත් බද්ධයේ දායකයා තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකුගේ ජීවිතත් බේරයි.

පසුගිය දිනයකදී මහනුවර මහරෝහලේදී සාර්ථක හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා. ඒහිදී 34 හැවිරිදි හදවත්රෝගී කාන්තාවට හදවත ලබාගෙන ඇත්තේ 24හැවිරිදි පුද්ගලයෙකුගෙනුයි.

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එම හදවත් දායකයාගේ වකුගඩු දෙකත් තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකු වෙතලබා දී ඇත් අතර එම ශල්‍යකර්මයන් දෙකත් මහනුවර රෝහලේදී සාර්ථකව නිමකර තිබෙනවා. මේ වන විට එම රෝගීන් තිදෙනාම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්වය ස්ථාවර වී ඇති බවයි මහනුවර රෝහලේ අධ්‍යක්ෂක සමන් රත්නායක මහතා පවසන්නේ.

3783283092

About freddy

Check Also

කුරුණෑගල රෝහලේ  වකුගඩු ලේසර් ප‍්‍රතිකාරය නවතී

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම දැන් සති කිහිපයක සිට දින නියමයක් නොමැතිව …