දිවයින පුරා පැතිර යන වකුගඩු රෝගයට ලබාදෙන ආයුර්වේද ප්‍රතිකර්ම පුළුල් කිරීම සදහා මැදවච්චිය ප්‍රදේශයේ පර්යේෂණ රෝහලක් ඉදිකිරීමට සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම රෝහල ඊයේ දිනයේදී (අගෝස්තු 06 ) සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි.
මෙම රෝහල ඉදිකිරීමේ මූලික අරමුණක් වී අැත්තේ විශේෂයෙන් උතුරුමැද ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගයට හේතුකාරකයන් සෙවීමයි.
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව විධිමත් කර එය ගමට ගෙනයාමේ අරමුණින් නුරාධපුර දිස්ත්‍රික්කයේ එවැනි මධ්‍යස්ථාන 08 ක් හා ගලෙන් බිදුණු වැව සහ තලාව නව සෞඛ්‍ය මධ්‍යස්ථානද ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වෙතින් විවෘත කෙරිණි. එලෙසම මේ වසර තුල නාච්චාදූව, තිරප්පනේ සහ රඹෑව යන ප්‍රදේශවල ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකිරිමට සැළසුම් කර ඇති අතර මෙම මධ්‍යස්ථාන මගින් පෝෂණය, ආරක්ෂිත ජලය සැපයීම, මාතෘ සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය ඇතුලු කරුණු 17 යටතේ සෞඛ්‍ය සේවාවන් සැපයීමට නියමිතය.
kidneyinfolk To educate people on kidney related issues.
