හිසෙහි නහරයක් පිපිරීයාමෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ 35 හැවිරිදි තරුණයෙකුගේ අක්මාව සහ වකුගඩු දෙක තවත් රෝගීන් තිදෙනෙකුට එම අක්මාව සහ වකුගඩු කොළඹ ජාතික රෝහලේ දී සහ මහනුවර මහ රෝහලේ දී බද්ධ කිරීම සිදුකර ඇත.
මෙම රෝගියාගේ අක්මාව බද්ධ කිරීමේ ශල්‍යකර්මය ජාතික රෝහලේ සිදුව ඇති බැවින් එම අක්මාව කොළඹට කඩිනමින් ගෙනඒම සදහා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් පොළොන්නරුවට යැවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබුනි. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුවයි.
මෙම අක්මා බද්ධය සිදු කරන ලද්දේ කොළඹ ජාතික රෝහලේ දී 56 හැවිරිදි පුද්ගලයෙකුටය.එම පුද්ගලයා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. වකුගඩු දෙක බද්ධ කරන ලද්දේ මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනෙකුට ය.