අනුරාධපුර කැබිතිගොල්ලෑවේ වකුගඩු රෝගීන් සුවපත් කිරීමට සමත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය උතුරු මැද පළාත් ආයුර්වේද රෝහල් මගින් ජනතාවට සමීප කිරීමට උතුරු මැද පළාත් සභාව තීරණය කර ඇත. ලබන පෙරවාරි 15වනදා මෙම ප්‍රවර්ධන වැඩසටහන මැදිරිගිරිය ආයුර්වේද රෝහලෙන් ආරම්භ වීමට නියමිතය.
මෙම ප්‍රතිකාරක්‍රමයේ විශේෂත්වය වන්නේ පෞරාණික ඔසු වට්ටෝරුවක් අනුව බටහිර හා ආයුර්වේද වෛද්‍යවරු කණ්ඩායමක් ඒකාබද්ධව එකමුතුව හදුනානොගත් වකුගඩු රෝගයට ගොදුරු වු රෝගීන් ඇතුළු වකුගඩු රෝග වලට ලක් වී සිටින රෝගීන් සුවපත් කිරීමයි.
මෙම වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය පිළිබදව වකුගඩු රෝග නිවාරණය සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය දැනුවත් කොට ඇති අතර මෙම ප්‍රතිකාරය දීප ව්‍යාප්තව ප්‍රචලිත කිරීමට පියවර ගැනීමේ වැදගත්කම පිළිබදව ජනාධිපති තුමා විසින් උපදෙස් ලබාදී ඇති බවද වාර්ථා වෙයි. මෙම ක්‍රමවේදය මැදිරිගිරය ආයුර්වේද රොහලෙන් ආරම්භ කිරීම නියමිත අතර පසුව වෙනත් රෝහල් කරා ව්‍යාප්ත කිරීමට නියමිතය. වැඩසටහනේ මුල් අදියර සදහා පළාත් සභාවෙන් රු. 2500000.00 ක ප්‍රතිපාදන පළාත් ආයුර්වේද කොමසාරිස් වරයාවෙත ලබාදීමටද ඉදිරියේදී පියවරගනු ඇති.