වකුගඩු රෝගය හදුනාගැනීමේ වැඩසටහනක් වැල්ලවායේදී

ඡායාරූප මූලාශ්‍රය - දිනමින
ඡායාරූප මූලාශ්‍රය – දිනමින

ඉකුත් ජනවාරි මස 29 වනදා වැල්ලවාය  ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෙහෙයවිමෙන් වකුගඩු රෝගය හදුනා  ගැනිමේ සායනයක් වැල්ලවාය  අතිලිවැව චන්ද්‍රබිම්බරම විහාරස්ථානයේදී පැවැත්විණි. තෙලුල්ල මහඡන සෞඛ්‍ය පරික්ෂක එච් ඒ වි නිරොෂන්   හා අතිලිවැව  පවුල් සෞඛ්‍ය  නිලධාරිනි ඩි එම් එම්  ලක්මිනි යන මහත්ම මහත්මින් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි එස්.එච් පියසුමන මහතා ගෙ මගපෙන්වීම යටතෙ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි  මංජුල ඇපා මහතා  ඇතුලු බොනොවන රෝ ඒකකයේ  නිලධාරීහු රැසක්ද එක්වූ මෙම වැඩසටහන සදහා  ප්‍රදේශවාසීන්  200කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

About freddy

Check Also

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ …