දකුණු ආසියානු කලාපයේ එකම රෝහලක් තුල ළමුන් 100 දෙනෙකුගේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සාර්ථකව නිම කල රෝහල බවට පත්වීමට පේරාදෙණිය රෝහල සමත්වී ඇත.
සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකිරීමට නම් එම දරුවාගේ ශරීර බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 10 වැඩිවිය යුතුයැයි පිළිගැනෙන නමුත් පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් විසින් බර කිලෝග්‍රෑම් 8.5ක් වන වයස අවුරුදු 1යි මාස 6ක පමණ දරුවෙකුගේ ශල්‍යකර්මයක්ද සාර්ථකව නිම කිරීමට සමත්වී ඇත. දකුණු ආසියානු කලාපය තුල එතරම් කුඩා දරුවෙකුට වකුගඩු බද්ධ කිරීමක් සිදුකල ප්‍රථම අවස්ථව එය බවට වාර්ථා වූ අතර ම ශල්‍යකර්මය සිදුකල ආකාරය ඇමරිකානු වෛදයවරුන්ගේ දැඩි ප්‍රසාදයට ලක්වී ඇත.
kidneyinfolk To educate people on kidney related issues.
