රක්ෂණ ශ්‍රියන්ත
වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යය සාධන බළකාය මගින් සංවිධානය කරනු ලබන “ලෝක වකුගඩු දිනය“ සැමරීමේ උත්සවය මාර්තු මස 08 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ “මෛත්‍රීපාලනයක් ස්ථාවර රටක්“ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙරට දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යාප්තව ඇති වකුගඩු රෝග නිවාරණය සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමුකොට ඇත. ඊට අදාලව ජනාධිපතිවරයාගේ උපදෙස් හා සෘජු අධීක්ෂණය යටතේ වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ගේ සුබසාධනය උදෙසා කටයුතු කිරීම පිණිස “වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය“ පිහිටුවා තිබේ. එම බලකාය මගින් මේ වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබයි.
www.dinamina.lk
kidneyinfolk To educate people on kidney related issues.
