
වකුගඩු බද්ධයෙන් පසු එන්නත් ලබාගැනීම හානිදායකද?
එන්නත් වලින් කෙරෙන්නේ විශබීජ වලින් ඔබගේ ශරීරය ආරක්ෂා කරගැනීමයි. නමුත් ඔබ වකුගඩු බද්ධ කිරීමක් කර සිටින්නෙක්නම් එන්නත් ලබාගැනීමේ දී ඔබ විශේෂාකාරයෙන් සැලකිලිමත් විය යුතුයි. ජීවී එන්නත් ලබාගැනීමෙන් ඔබ වැලකිය යුතුයි.
වකුගඩු බද්ධ කිරීමක් සදහා සූදානම් වන ඔබ එන්නත් සම්බන්දයෙන් දැනගතයුතු මූලික කරුණු මොනවාද?
හෙපටයිටිස් බී වැනි එන්නත් ඔබ වකුගඩු බද්ධ කිරීමට පෙර ලබාගතයුතුයි එලෙසම කිසිදු ජීවී එන්නතක් වකුගඩු බද්ධයෙන් පසු ලබා නොගතයුතුයි.මින් පෙර ඔබට පැපොල වැලදී නැතිනම් වකුගඩු බද්ධයට පසු පැපොල වැලදුනහොත් ඇති වන අවදානම වැඩි බැවින් ඔබගේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසු බද්ධ කිරීමට පෙර එම එන්නත් ලබාගත යුතුයි.
ඔබ ලගින් ඇසුරු කරන්නෙකු ජීවී එන්නතක් ලබාගතහොත් කලයුත්තේ කුමක්ද?
ජීවී එන්නතක් ලබාගත් පුද්ගලයෙකු පිලිබදව ඔබ දන්නේනම් ඒ පුද්ගලයා සමග සමීප ඇසුරක් පැවැත්වීම නැවැත්විය යුතුයි. උදාහරණ වශයෙන්
- මුඛ පෝලියෝ එන්නත ලබාගත් කුඩා දරුවන්
- සරම්ප හෝ කම්මුල්ගාය ( measles or mumps ) එන්නත් ලබාගත් අය
වෙනත් රටකට ගමන්කරන විට ලබාගතයුතු විශේෂිත එන්නත් මොනවාද?
ඔබ ගමන්කරන රටට අදාලව පවතින රෝගී තත්වයන් සැලකීමෙන් පසු ඒවාට අදාල එන්නත් ඔබගේ වෛද්‍යවරයා විසින් තීරණය කරනු අැති. එමනිසා ඔබ වෙනත් රටකකට ගමන් කිරීඹට තීරණය කරන්නේ නම් කල්තියා ඔබගේ වෛද්‍යවරයා හමුවී අදාල එන්නත් පිලිබදව සාකච්ඡා කර ඒවා ලබාගත යුතුයි.
වකුගඩු බද්ධයකින් පසු ඔබට ලබා ගත හැකි එන්නත් මොනවාද?
- Influenza type A and B (Haemophilus influenzae රෝගය සදහා)
- Typhoid (තයිෆොයිඩ් උණ රෝගය සදහා)
- Diphtheria-pertussis-tetanus (ගලපටලය,පිටගැස්ම රෝගයන් සදහා)
- Haemophilus influenzea B (Haemophilus influenzae රෝගය සදහා)
- Meningococcus (මෙනින්ජීය ප්‍රදාහය රෝගය සදහා)
- Inactivated polio (පෝලියෝ රෝගය සදහා)
- Pneumovax(නියුමෝනියාව රෝගය සදහා)
- Hepatitis A (Hepatitis A වෛරසය මගින් සිදුවන අක්මාවේ ආසාදන තත්වයක් නිසා.)
- Hepatitis B
වකුගඩු බද්ධයකින් පසු ඔබට ලබා ගත නොහැකි එන්නත් මොනවාද?
- Varicella zoster (පැපොල රෝගය සදහා)
- Smallpox (වසූරිය රෝගය සදහා)
- Bacillus Calmette-Guerin (BCG) (ක්ෂය රෝගය සදහා)
- Intranasal influenza (influenza A (H1N1) virus, influenza A (H3N2) virus influenza B (වෛරස් වර්ග දෙකක් සදහා)
- Measles (except during an outbreak) (සරම්ප)
- Mumps (කම්මුල්ගාය)
- Rubella
- Oral polio (පෝලියෝ)
- Live oral typhoid Ty21a and other newer vaccines
- Live Japanese B encephalitis vaccine
- Yellow fever (කහ උණ සදහා)
kidneyinfolk To educate people on kidney related issues.