එක් වකුගඩුවක් පමණක් ඇති පුද්ගලයන් ඉතාමත් නිරෝගී මෙන්ම සාමාන්‍ය ජීවිත ගතකරන බවට සැපයිය හැකි උදාහරණ විශාල ප්‍රමාණයක් අපට දක්වන්නට පුළුවන්. නමුත් විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි යම්කිසි හේතුවක් නිසා ඔබට ඇත්තේ එක් වකුගඩුවක් පමණක් නම් ඒ වකුගඩුව ප්‍රවේශම් කරගැනීමට කටයුතු කල යුතුයි.
පුද්ගලයෙකුට එක් වකුගඩුවක් පමණක් පිහිටන්නේ කොහොමද?
යම්කිසි පුද්ගලයෙකුට එක් වකුගඩුවක් පමණක් පිහිටිය හැකි අවස්ථාවන් 3ක් පවතිනවා.
- උපතින්ම එක් වකුගඩුවක් පමණක් සහිතව උපත ලැබීමට හැකියි. (මේ තත්වය හදුන්වන්නේ renal agenesis ලෙසටයි. ) එලෙසම ඇතැම් අවස්ථාවන් වලදී පුද්ගලයෙකු වකුගඩු දෙකක් සහිතව උපත ලැබූවත් ඉන් ක්‍රියාකාරී තත්වයේ පවතින්නේ එක් වකුගඩුවක් පමණක් විය හැකියි. එවැනි අවස්ථාවක් හදුන්වන්නේ kidney dysplasia ලෙසටයි. එමනිසා මේ දෙආකාරයේ අවස්ථාවන් හේතුවෙන් පුද්ගලයෙකු එක් වකුගඩුවක් සහිතව ජීවත්විය හැකියි.
- යම්කිසි රෝගී තත්වයක් ( පිළිකාවක්) හේතුවෙන් ශල්‍යකර්මයක් මගින් එක් වකුගඩුවක් ඉවත් කල පුද්ගලයන්.
- වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය වෙනත් රෝගී පුද්ගලයෙකුට වකුගඩුවක් දන්දුන් පුද්ගලයෙකුද එක් වකුගඩුවක් සහිත පුද්ගලයෙකු ලෙස ජීවත් විය හැකියි.
වකුගඩුවක් බද්ධ කල පසු එම බද්ධ කල වකුගඩුවට වකුගඩු දෙකින් සිදුකරන කාර්යය සිදුකල හැකිද?
ඔව්,මේ වනතෙක් සිදුකර ඇති පර්යේෂණ හා ප්‍රථිඵල අනුව බද්ධ කල වකුගඩුව ප්‍රමාණයෙන් විශාල වෙමින් වකුගඩු දෙකක් මගින් සිදුකෙරෙන කාර්යය ප්‍රමාණය සිදුකිරීමට හැඩගැසෙන බව හෙලිවී තිබෙනවා.
එක් වකුගඩුවක් ඇති පුද්ගලයන්ට බලපෑ හැකි දීර්ඝකාලීන ගැටළු මොනවාද?
සාමාන්‍යයෙන් එක් වකුගඩුවක් පමණක් ඇති පුද්ගලයන් ඉතාමත් නිරෝගී ජීවිත ගත කරනවා. නමුත් ඔවුන්ගෙන් සමහර දෙනෙකුට දීර්ඝකාලීන ගැටළු ඇති වීමේ හැකියාවක් පවතිනවා.
උපතින්ම එක් වකුගඩුවක් සහිත හෝ කුඩා කාලයේදීම රෝගී තත්වයක් හේතුවෙන් එක් වකුගඩුවක් ඉවත් කල පුද්ගලයන්ගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය යම් කිසි කාලයකට පසු අඩුවිය හැකියි. නමුත් එලෙස ක්‍රියාකාරිතවයේ අඩුවීමක් සිදුවන්නේ නම් එය සිදුවන්නේ ඉතාමත් සුළු වශයෙන් බැවින් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු වන්නේ නැහැ.
එලෙසම කාලයත් සමග අධිරුධිර පීඩනය ඇතිවීමේ යම්කිසි අවදානමක් පවතිනවා. එම නිසා සාමාන්‍යයෙන් අවුරුදු 25කට පමණ පසු අධිරුධිර පීඩනය වැනි තත්වයන් පිලිබදව අවදානයක් යොමුකිරීමට වැදගත්. නමුත් තත්වය කෙසේ වූවත් මේ සම්බන්දයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු වන්නේ නැහැ.
එක් වකුගඩුවක් පමණක් ඇති පුද්ගලයන් සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු හමුවිය යුත්තේ කොපමණ කාලයකට වරක්ද?
ඔබට වෙනත් රෝගී ත්වයක් නොමැතිනම් සෑම වසරකට වරක්ම ඉතා සරල මුත්‍රා හා රුධිර සාම්පලයන් මගින් ඔබගේ වකුගඩුවල තත්වයන් පරික්ෂා කරගැනීම සිදුකිරීම වැදගත්. එසේම රුධිර පීඩන තත්වයන් පිලිබදව අවදානය යොමු කිරීමත් වැදගත්.
එක් වකුගඩුවක් පමණක් ඇති විට සාමාන්‍ය ලෙස ක්‍රීඩා හා ව්‍යායාම වැනි දේ සිදුකල හැකිද?
ක්‍රීඩා හා ව්‍යායාම සිදුකිරීම ඕනෑම කෙනෙකුගේ සෞඛ්‍යතත්වය කෙරෙහි යහපත් ලෙස බලපාන දෙයක් බව අප සැම දෙනාම හොදින් දන්නවා. නමුත් ඉහත සදහන් කල අවස්ථාවන් 3ම හේතුවෙන් එක් වකුගඩුවක් පමණක් ඇති පුද්ගලයන් ක්‍රීඩා කිරීමේදී තමන්ගේ වකුගඩුවට සිදුවිය හැකි ආබාධ වලින් ප්‍රවේශම් විය යුතුයි. ඒ සදහා පාපාන්දු,මල්ලවපොර,හොකී,ආත්ම ආරක්ෂක සටන් කලාවන් හා බොක්සින් වැනි ක්‍රීඩාවල් වලදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එලෙසම ක්‍රීඩා කිරීමේදී විශේෂයෙන් ආරක්ෂිත ඇදුම් හා අයිතමයන් පැලදීමත් සිදුකිරීම වැදගත්.
එක් වකුගඩුවක් පමණක් ඇති විට විශේෂිත ආහාර පාලනයක සිදුකල යුතුද?
උඵතින්ම එක් වකුගඩුවක් පමණක් සහිත පුද්ගලයන්ට විශේෂිත ආහාර පාලනයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් වකුගඩුවල පැවැති රෝගී තත්වයක් හේතුවෙන් වකුගඩු බද්ධයක් සිදුකල පුද්ගලයන්ටනම් යම් යම් ආහාර පාලනයන් සිදුකල යුතුයි. ඒ පිලිබදව ඔහුව හෝ ඇයව වෛද්‍යවරුන් විසින් දැනුවත් කරනු ඇති.
https://www.kidney.org ඇසුරිණි.
kidneyinfolk To educate people on kidney related issues.
