දකුණු ආසියානු රටවල බෝනොවන රෝග පිළිබද ප්‍රථම සමුලුවේදී සුව ඇමැති ක්‍රියාකාරී වැඩපිළිවෙළක් අරඹයි.

බෝනොවන රෝග හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන හා දිනෙන් දිනම බෝනොවන රෝග වලට ගොදුරු වන පිරිස් වැඩි වීම හේතුවෙන් මේ වන විට ලොවපුරා වැඩි අවදානයක් යොමු වූ සෞඛ්‍ය ප්‍රශ්ණයක් ලෙස බෝ නොවන රෝග හදුන්වාදීමට හැකිය. බෝනොවන රෝග නිසා සිදුවන මරණ වලින් හතරෙන් තුනකට වඩා වර්තා වන්නේ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවලින් වන අතර සියලුම වයස් කාණ්ඩවල සියලුම කළාපවල සහ සියලුම රටවල ජනතාව කිසිදු බේදයකින් තොරව මෙම තත්වයට මුහුණදෙති.
දුම්කොළ භාවිතය, ක්‍රියාශීලිභාවය අඩුවීම, අහිතකර ආහාර සහ මත්පැන් භාවිතය බෝනොවන රෝග සදහා වන ආවදාන් සාධක ලෙස හදුන්වා දිය හැකි අතර අධිරුධිර පීඩනය, තරබාරුකම, රුධිරගත සීනි මට්ටමද ඒ අතර වෙයි.
දකුණු ආසියානු රටවල බෝනොවන රෝග පිළිබද ප්‍රථම සමුලුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමෝදර හෝටලයේ දී පසුගිය මාරතු 31වනදා  ආරම්භ විය. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියේය. මෙම සමුලුවේ දී බෝනොවන රෝග සම්බන්ධයෙන් දකුණූ ආසියානු රටවල අදහස් හුවමාරු කර ගනිමින් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සැකසීම මෙම සමුළුවේදී සිදුවිය.
2017 වර්ෂයේ නොවැම්බර් මාසයේ පැවැති දකුණු ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුලුවේ දී බෝනොවන රෝග පිළිබද දකුණු ආසියානු රටවල සමුලුවක් පැවැත්වීමට තීරණය කල බවත් මෙම සමුළුවේ සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාව එහිදී එකගවූ බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කලේය.
මෙරට රෝහල්  තුල සිදුවන මරණ වලින් සියයට 65 කට පමණ හේතුව බෝනොවන රෝගයි. එලෙසම ලොව පුරා සිදුවන මරණ වලින් සියයට 63 කට හේතුව වන්නේද බෝනොවන රෝගයි.එයින් 25% ක් වයස අවුරුදු 60 ට පෙර සිදු වුන මරණ වන අතර 17%  ක් පමණ නොමේරු මරණ ලෙස වාර්ථාවෙයි.
මෙම සමුලුවට සහභාගී වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ මෙරට තුල ප්‍රාථමික සෞඛ්‍ය සේවා පුළුල් කර තිබෙන බවත් සුව දිවි සහ සුවනාරි මධ්‍යස්ථාන රටපුරා ක්‍රියාත්මක වන බවත්ය. එලෙසම මෙම සියලුම මධ්‍යස්ථාන ඉදිරියේ දී පරිගණක ගත කිරීමට බලාපොරොත්තු වනබවත් වෛද්‍ය තොරතුරු හුවමාරුව, දත්ත ගබඩා කිරීම සහ කළමණාකරණය කිරීමත් ඉදිරියේදී සිදුකල යුතුබවත් , ඖෂධ පිළිබදව ද ඉහළ අවධානයක් යොමු කරමින් දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය මේ වන විට ආරම්භ කර  ඇති බැවින් එමගින් ඉදිරියේ දී තව තවත් ඖෂධ මිල අඩු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරට් අදහස් දක්වමින් සදහන් කර ඇත.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, දකුණු ආසියානු රටවල සෞඛ්‍ය බලධාරීන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …