අවයව දන්දෙන්නන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහණයෙන්

යම් කිසි පුද්ගලයෙකුගේ අවයව දන්දීමට ඇති කැමැත්ත ඔහුගේ හෝ ඇයගේ ජාතික හැදුනුම්පතට හා රියදුරු බලපත්‍රයට ඇතුලත් කිරීමට මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්ථා වෙයි. මෙම කටයුත්ත මෙහෙයවනු ලබන්නේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසිනි.

හදිසි අනතුරකදී මොළය මිය ගිය අවස්ථාවකදී අවයව දන්දීමට කැමැත්තක් දක්වන්නන්ට ඒ බව 081-2226522 අංකය හරහා මහනුවර රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකරණ කාර්යාලයට දැනුම් දිය හැකි අතර මේ ආකාරයෙන් අවයව දන්දෙන්නන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමටද මේ වන විට අවධානය යොමුව ඇතැයිද වාර්තා වෙයි.

About freddy

Check Also

අවයව දායකයින් ඇගයීම සඳහා විශේෂ ජාතික වැඩසටහනක් අවශ්‍යයි

ජීවිත රැසකට නව ජීවයක් ලබාදෙන අවයව දායකයින් සහ ඔවුන්ගේ පවුල්වල අමිල කැපවීම ඇගයීම සඳහා ජාතික …