නව කොරෝනා වෛරසය තවමත් වසංගත තත්ත්වක් දක්වා දුරදිග ගොස් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථදැක්වීමට අනුව වසංගත තත්වයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමයි. නමුත් මෙතෙක් කොරෝනා තත්වය ලොව පුරා පැතිර යාමක් වාර්ථා වී නොමැත. නව කොරෝනා වෛරසයෙන් මේ වනවිට ආසාදිත බවට තහවුරු වූවන් 20,000ක් ඉක්මා තිබුණත්, ඒ වැඩි පිරිස වාර්තා වන්නේ චීනයෙනි. එමෙන්ම මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිස 490 ඉක්මවා ඇති බව වාර්ථා වෙයි. එම මරණ අතුරින් චීනයෙන් පිටත මරණ වාර්ථා වන්නේ දෙකක් පමණි.
මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්ථා වී ඇත්තේ ආසියානු හා යුරෝපා රටවල් කිහිපයකින් වන අතර චීනය වෙත සංචාරය නොකල නමුත් කොරෝනා ආසාදිත පුද්ගලයන් කිහිපදෙනෙකු සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් වාර්ථා වීමද විශේෂත්වයකි.

kidneyinfolk To educate people on kidney related issues.